උපාධිධාරීන් 31000ක් බඳවා ගැනීමට රජයෙන් මුදල් වෙන් කෙරේ

නව උපාධිධාරීන් 31000ක් බඳවා ගැනීමට රජයෙන් මිලියන 10,000ක් වෙන් කර ඇති බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (18) සවස අනුරාධපුරයේ දී පැවති අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා ඇතුළු අනුරාධපුර නගරයේ විද්වතුන් සහ ව්‍යාපාරිකයින් ද එක් ව සිටියා.

මහපොළ භාරකාර අරමුදල සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ SLllT ආයතනය නිර්මාණය කරනු ලැබුවේ මහපොළ භාරකාර අරමුදල ප්‍රතිපාදන මගින් බවත් එවන් රජයේ ආයතනය ද රජයට වංචා කරමින් පැවති රජයන්ගේ අනුග්‍රහයෙන් මූල්‍ය වංචාවන් සිදු කර ඇති බවයි.

රුපියල් මිලියන 379ක වටිනාකමකින් යුතු පාරිභෝගික භාණ්ඩ, තොග ගබඩා සංස්ථාව මගින් දිස්ත්‍රික්ක මට්ටමින් පවතින ගබඩා 06ක් සඳහා නිකුත්කර තිබුණ ද මේ වන තෙක් එම පාරිභෝගික භාණ්ඩ එම ගබඩාවලට පැමිණ නැති බවත් මෙවන් දූෂණයන් එම තොග ගබඩා සංස්ථාව තුළ සිදු ව ඇති බවත් වත්මන් රජය බලයට පත් වූ පසු එම ආයතනය තුළ වැඩිම ලාභය වාර්තා කරමින් රුපියල් මිලියන 86ක මුදලක් වසර දහයකට පමණ පසුව පසුගිය මාර්තු මාසයේ උපයා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තරග විභාග මගින් රැකියා සඳහා උපාධිධාරින් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරියේ දී උපාධිධාරීන් 31000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ද මතක් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45