spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උප්පැන්න සහතික ලබාගැනීමේ ආකෘති පත්‍රවල කිසිදු හිඟයක් නැහැ – ප්‍රදර්ශනය කළ නිවේදනය ගැන විමර්ශනක්

තංගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක රේජිස්ට්‍රාර් අංශයේ උප්පැන්න සහතික ලබාගැනීම සඳහා වන ආකෘති පත්‍ර නොමැති වීමෙන් ඒ වෙනුවට මරණ සහතික ආකෘති පත්‍ර භාවිත කරන ලෙස දන්වමින් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පසුගිය දින දෙක තුළ දැඩි කතා බහක් මතු වුණා.

එවන් පසුබිමක උප්පැන්න සහතික ලබා ගැනීම සදහාවන ආකෘති පත්‍රවල කිසිදු හිඟයක් නොමැති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අදාළ නිවේදනය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නියමිත වේලවට එම ආකෘති පත්‍ර බෙදාහැරීමේ දී ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් එම දැන්වීම ප්‍රදර්ශනය කිරීමට සිදුව ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?