උප්පැන්න සහතික ලබාගැනීමේ ආකෘති පත්‍රවල කිසිදු හිඟයක් නැහැ – ප්‍රදර්ශනය කළ නිවේදනය ගැන විමර්ශනක්

තංගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක රේජිස්ට්‍රාර් අංශයේ උප්පැන්න සහතික ලබාගැනීම සඳහා වන ආකෘති පත්‍ර නොමැති වීමෙන් ඒ වෙනුවට මරණ සහතික ආකෘති පත්‍ර භාවිත කරන ලෙස දන්වමින් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පසුගිය දින දෙක තුළ දැඩි කතා බහක් මතු වුණා.

එවන් පසුබිමක උප්පැන්න සහතික ලබා ගැනීම සදහාවන ආකෘති පත්‍රවල කිසිදු හිඟයක් නොමැති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අදාළ නිවේදනය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නියමිත වේලවට එම ආකෘති පත්‍ර බෙදාහැරීමේ දී ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් එම දැන්වීම ප්‍රදර්ශනය කිරීමට සිදුව ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51