උපන් ගමන් බිළිඳා විකිණූ කතක් සහ පූජකවරයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

මුලතිව්, විශ්වමඩු, ඉලංන්ගෝපුරම් ප්‍රදේශයේ දී උපන් අවස්ථාවේදී ම සිය බිළිඳා අලෙවිකළ හෝ ඝාතනය කළ බව කියන කාන්තාවක් සහ ඊට සම්බන්ධ බවට සැකකරන පූජකවරයෙක් ද ඊයේ (18) සැකපිට අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කර සිටියේ මෙම දරුවා අලෙවිකළ බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී පළමුව 29 හැවිරිදි අදාළ කාන්තාව අත්අඩංගුවට ගත බවයි.

අනතුරුව සිද්ධියට සම්බන්ධ පූජකවරයෙක් ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය වෙත පවසා ඇත්තේ, දරුවා අලෙවි නොකල බවත්, නිවසේ දී දරුවා බිහිකොට එම අවස්ථාවේදී ම තමන් බිළිඳාව ගිනි තබා ඝාතනය කළ බවයි.

බිළිඳා ගිනි තැබූ බව පවසන ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයා අද (19) දින නිරීක්ෂණය කළ අතර, අදාළ ස්ථානය සම්බන්ධයෙන් ස්ථානීය වාර්තාවක් ලබාදෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකාර කාන්තාව මුලතිව් – මාන්චෝලෙයි රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාවරයා මෙහිදී නියෝග කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අදාළ කාන්තාව බිළිඳා විකුණා ඇති බවට තොරතුරු පවතින බවත්, ඒ සම්බන්ධයෙන් අනාවරණය වෙතැයි බියෙන් කාන්තාව දරුවා ගිනි තැබූ බව පවසා සිටින බවට ආරංචි පවතින බව ද ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ස්වාමියාගෙන් වෙන්ව ජීවත්වන අදාළ කාන්තාව මීට පෙර ද දරුවෙකු බිහිකර විකුණා ඇති බවට රාවයක් පවතින බවයි.

පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ වාර්තාව පදනම් කරගෙන අදාළ කාන්තාව බිළිඳා ගිනි තබා ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන පුද්ගල ඝාතන චෝදනා සම්බන්ධයෙන් නඩු ගොනු කරන බවත්, එසේ නොමැතිව දරුවා විකුණා ඇත්නම් ඊට අදාළ නඩු ගොනු කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

IMG 20240319 10250082
IMG 20240319 10255457
IMG 20240319 10254153
IMG 20240319 10252565
IMG 20240319 10250613
IMG 20240319 10263089
IMG 20240319 10260063
IMG 20240319 10261388
IMG 20240319 10264305
IMG 20240319 10264909
IMG 20240319 10251180
IMG 20240319 10253870


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11