උපන් දින සාදයදා 12 හැවිරිදි දැරියට කල ලොවක් නුහුලන අපරාධය

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දැරියකට අතවර කර ඇති බවට දැරියගේ මව කොස්වත්ත පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා තිබෙනවා.

කොස්වත්ත පාර මොරකැලේ පදිංචි වින්දිත දැරියගේ මව සිය පැමිණිල්ලේ තම සැමියා සහ දරුවන් තිදෙනා සමඟ කුලී නිවසක පදිංචිව සිටින බවත් තමාගේ ලොකු දුව ඉහළ කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

තමා එම සම්බන්ධයට මුලින් විරුද්ධ නොවූ නමුත් පසුව එම සම්බන්ධයට විරුද්ධවූ බවත් තම සහෝදරියගේ පුතාගේ උපන් දින උත්සවයක් තම නිවසේ පැවැත්වෙද්දී දියණිය රහසින් තම නිවසින් පිටව ගොස් තිබූ බවත් සොයා බැලීමේදී පෙම්වතාගේ නැන්දා කෙනෙකුගේ නිවසට කැඳවාගෙන ගොස් එහිදී අතවරයට ලක්කර ඇති බව දැනගත් බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇති බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොස්වත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. ඒ. සී. ජයනාත් මහතා වයස අවුරුදු 18 ක්වූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියව මාරවිල රෝහලට වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ඇතුළත් කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35