spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උපන්දින සාදයේ සතුටු වූ තරුණයා පිහිනුම් තටාකයක අවසන් ගමන් ගිහින්

ඇල්පිටිය – 09 කණුව ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක ඊයේ (27) රාත්‍රියේ පැවති උපන්දින සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට වැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.

තරුණයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති අතර, එහි පැමිණි පිරිස බීමත්ව සිට ඇති බවත් පසුව පිරිස අතර සිටි ඔවුන්ගේ මිතුරෙකු ඔවුන් අසළ නොමැති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

පසුව සිදුකළ සොයා බැලීමේ දී එම තරුණයා පිහිනුම් තටාකයේ පාවෙන බවට දැක ඉන් ගොඩටගෙන ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දීත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන්.

දේහයේ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදුකිරීමට නියමිතව අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?