උපන්දිනය දා වයෝවෘද්ධ පියාට මරණය තෑගි කරලා – මත්පැනට ලොල්වී සිටි පුතා අත්අඩංගුවට

තම 45 වන උපන්දිනය දා වයෝවෘද්ධ පියාට මරණය තෑගි කළ පුතෙක් පිළිබඳව පුවතක් අකුරැස්ස, පරදූව ප්‍රදේශයන් වාර්තා වනවා.

පුත්‍රයා විසින් සිදුකළ පහරදීමකින් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 81 වන වියේ පසු වූ පුද්ගලයෙක්.

අධික ලෙස මත්පැන් පානයට හුරුව සිටි පුත්‍රයා, තම 45 වන උපන්දිනය යෙදී තිබූ පෙරේදා (10) දිනයේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා මෘත දේහය සම්බන්ධයෙන් සිදුකළ පස්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ, පපු ප්‍රදේශයට හා උදර ප්‍රදේශයට පහර දී සිදුකළ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

ඝාතනය සිදුකළ බව කියන ලොකු රුවන් නැමැති සැකකාර පුත්‍රයා අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50