උපන්දිනයටවත් සුබ නොපැතූ ජනපති

විදුලි කප්පාදුව, ගෑස් හිඟය ඇතුළු අර්බුද රැසක් උද්ගතව ඇත්තේ නිවැරදි තීරණ නියමිත වේලාවට නොගැනීම හේතුවෙන් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් තමන් නිවැරදි අවබෝධයකින් සිටින බැවින් ඒ පිලිබඳව ජනතාව දැනුවත් කළ බවය.  

එමෙන්ම මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය වී ඇත්තේ රට ඉතාම ව්‍යසනකාරි තත්ත්වයකට ඇදවැට්ටවීමට බවද විමල් වීරවංශ මහතා චෝදනා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා

“මේ තියෙන ආර්ථික අර්බුදය විදේශ විනිමය අර්බුදය එකත් එක්ක ඇතිවන තත්ත්වය ගැනයි අපි කිව්වේ, රටට කිව්වේ. ඉතින් අපිව අයින් කරලා ආණ්ඩුව හිතන්න ඇති විදේශ විනිමය ඒ හරහා උපයාගන්න පුළුවන් කියලා. එහෙම උපයගත්තා නම් මේ විදියේ තත්ත්වයක් ඇති වෙන්නේ නෑ. දැන් 5වෙනිදායින් පස්සේ විදුලිබලය අත්හිටුවන්නේ නෑ කපන්නේ නෑ කියලා කිව්වාට අදත් කපන සැලැස්මක් එළියට දාලා තියෙනවා. ඊළඟට දැන් ගෑස් හිඟය තව උග්‍ර වෙමින් පවතිනවා. මේවා වෙන්නේ, මේවා ගැන දීර්ඝකාලීනව හිතලා ගන්න ඕනේ තැන්වලදී තීරණ නොගෙන ඉන්න නිසයි. ඒ කියන්නේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා මේකේ මේ අර්බුදය උස්සන්න වීම බලාපොරොත්තු වන කෙනෙක් නිසා. ඔහුට අවශ්‍ය මේ අර්බුදය උස්සන්න කරලා රට ඉතාම ව්‍යසනකාරී තත්ත්වයකට ඇදවට්ටලා. බටහිර උපාය මාර්ගයට අපේ රට ගොදුරුවීම සඳහා අවස්තාව සලසලා දෙන්න. ඒක වටහාගෙන ඉන්න මිනිස්සු හැටියට ඒක දන්නේ නෑ වගේ ඉන්න අපිට බෑ. ඒක නිසයි අපි මේක රටට කිව්වේ.”

ප්‍රශ්නය – අගමැති කියලා තිබුණා අමාත්‍යවරු ඉන්ධන හිඟයක් ඇතිවෙනවා කියලා ව්‍යාජ පුවත් පළකරපු නිසා, කියපු නිසා තමයි මේක උද්ගත වුණේ කියලා?

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා – “අගමැතිතුමා කිව්වත්, කවුරු කිව්වත් ඒක මහා මෝඩ ප්‍රකාශයක්. මට කණගාටුවෙන් වුණත් ඒක කියන්න වෙනවා. එහෙමනම් ඉදිරියේ දී ඉන්ධන හිඟය 100%ක් නැති කරලා පෙන්නන්නකෝ ඔය කියන විදියට. ඒ කියන්නේ  ඉන්ධන, ගෑස් ඇණවුම් කරන්න LC නිකුත් කරන්න බැරි නම් කොහොමද ලංකාවට එන්නේ. මෙතන තියෙන්නේ මේ ඩොලර් අර්බුදය. විදේශ විනිමය අර්බුදය. ඒක නෑ කියලා කියාගෙන කවුරුහරි ෂෝක් එකේ රෑට නිදාගන්න හිතනවා නම් පහුවදා පාන්දරට ආයේ ඔළුවට ලොකු පොල්ලකින් පහරකන්න වෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය.”

ප්‍රශ්නය – ඔබතුමාගේ අද උපන්දිනය, ජනාධිපතිතුමා සුබ පැතුවාද?

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා – නෑ
 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24