උපකාරක පංති ආ සිසුවියගේ සිරුර ලොග්ගල්ලා ඔයේ – තවත් සිසුවියක් රිදීමාලියද්ද පොලිස් භාරයේ

කන්දේගෙදර ප්‍රදේශයේ සිට බදුල්ල නගරයට උපකාරක පංති පැමිණි පාසල් සිසුවියකගේ මළ සිරුරක් මහියංගණය ලොග්ගල්ලා ඔයේ තිබී සොයාගෙන තිබෙනවා.

මෙම සිසුවිය සමඟ තවත් සිසුවියක් ද උපකාරක පංතියකට සහභාගීවීම සඳහා පැමිණ ඇති අතර, අනෙක් සිසුවිය රිදිමාලියද්ද පොලිස් භාරයේ පසුවන බවයි වාර්තා වන්නේ.

බදුල්ල, කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙක් ඊයේ (20) පෙරවරුවේ බදුල්ල නගරයට පැමිණ ඇත්තේ උපකාරක පංතියක සහභාගී වීම සඳහායි.

එලෙස පැමිණි සිසුවියන් දෙදෙනා පස්වරුව වන විටත් යළි නිවෙස් වෙත නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව ඔවුන්ගේ මව්පියන් විසින් බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ ලොග්ගල්ලා ඔය ජලාශය හරහා ඇති මාර්ගයේ මහියංගණය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියකට මාර්ගය ආසන්නයේ සිටි තරුණ ගැහැණු ළමයෙක් අතදමා එය නවතාගෙන තමන්ව බස් රථයකට නංවන ලෙස යතුරුපැදිකරුගෙන ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම ගැහුණු ළමයාගේ හැසිරීම පිළිබඳව සැක සිතුනු යතුරුපැදිකරු ඇයව රිදීමාලියද්ද පොලිස් ස්ථානය වෙත භාරදිමේ අදහසින් යතුරුපැදියේ නංවාගෙන ඇති බව සඳහන්.

එලෙස යතුරුපැදියට නංවාගත් ගැහැණු ළමයා සමඟ රිදීමාලියද්ද දෙසදට ගමන් කරමින් සිටින අතර තුර, ආදාඋල්පත මංසන්ධියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි රිදිමාලියද්ද පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට විස්තරය පවසා ගැහැණු ළමයාව එම නිලධාරීන්ට භාරදීමට යතුරුපැදිකරු කටයුතු කර තිබෙනවා.

අනතුරුව ඇයව පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් රිදිමාලියද්ද පොලිස් ස්ථානට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇයගෙන් සිදුකළ විමසීමක දී පවසා ඇත්තේ තමන් සහ යෙහෙළිය උපකාරක පංතියකට සහභාගිවීම සඳහා බදුල්ල නගරයට පැමිණි බවයි.

දෙමපියන් හට තවදුරටත් දෙදෙනා පිළිබඳව සොයා නොබලන ලෙස පවසා පොතක ලිපියක් ද ලියා නිවසින් පැමිණි බවට ද ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

තමන් සමඟ පැමිණි යෙහෙළියවන තිලිණි උපේක්ෂා සියදිවි හානිකර ගන්නා බවට තමන්ට පැවසු බවත් මෙම ගැහුණු ළමයා පොලිසිය හමුවේ පවසා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් තම යෙහෙළිය ලොග්ගල්ලාඔයට පැන්නාද යන්න දන්නේ නැති බවත් ඇය පොලිසිය හමුවේ පවසා ඇති බව සඳහන්.

එම සිසුවියගෙන් දැනගත් තොරතුරැ මත රිදීමාලියද්ද පොලිස් ස්ථානය වෙතින් මහියංගණය පොලිස් ස්ථානය දැනුවත් කිරිමෙන් පසු සිදුකළ විමර්ශනයක දී අද (21) උදෑසන අනෙක් සිසුවියගේ මළ සිරුර ලොග්ගල්ලා ඔයේ තිබී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල, මහියංගනය සහ රිදීමාලියද්ද පොලිස් ස්ථාන එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04