උපකාරක පන්ති ගොස් අතුරුදන් වූ දැරිය මාස 8කට පසු හමුවෙයි

උපකාරක පන්ති යන බව පවසා නිවසින් පිටව ගොස් අතුරුදහන්ව සිටි පාසල් දැරියක මාස අටකට පසු හමුවී තිබෙනවා.

පසුගිය 7 වනදා මෙම දැරිය හමුවී ඇත්තේ තරුණයෙකු සමග පෑලියගොඩ ප්‍රදේශයේ තවත් කුලී නිවසක සිටියදී යි.

අතුරුදන් වන විට 14 වන වියෙහි පසුවූ මෙම දැරිය ලුණුගල සූරියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

උපකාරක පන්ති යන බව පවසා තම දෙමාපියන්ට පවසා පසුගිය 2022 වසරේ දෙසැම්බර් 24 දින නිවසින් පිටව ගොස් ඇති දැරිය නැවත නිවසට නොපැමිණිම හේතුවෙන් දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් ලුණුගල පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය දැරිය පිළිබඳ සොයා බැලුව ද තොරතුරක් නොලැබීම හේතුවෙන් දිවයිනේ අනෙක් පොලිස් ස්ථාන දැනුවත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

එම තොරතුරු මත පෑලියගොඩ පොලිසිය විසින් මෙම දැරිය කුලී නිවසක සිටින බවට තහවුරු කර ගැනිමෙන් පසු ඇයගේ පෙම්වතා බවට පැවසෙන සූරියගොඩ ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ද සමගින් අත්අඩංගුවට ගෙන ලුණුගල පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව අදාළ තරුණයා සහ දැරිය ඊයේ (08) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු නියෝග කෙරුණේ තරුණයා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

දැරිය වෛද්‍ය පරික්ෂණයක් සදහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමටත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
10
+1
59
+1
10
+1
12
+1
14
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41