spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උදාර කෞෂල්‍යට ලක්ෂ 30 ක ජීප් එකක්

හිරු ස්ටාර් සීසන් 2 අවසන් මහා තරගය හිරු ලයිෆ් ස්ටූඩියෝ පරිශ්‍රයේ පැවති අතර තරඟයේ කිරුළ අහුංගල්ලේ උදාර කෞෂල්‍යට හිමිවිය.

අවසන් මහා තරඟයේ තරඟ වැදුණේ හොරණ – විශ්ව ප්‍රභාත්, , හොරණ – අමන්දා පෙරේරා සහ බොරැල්ලේ – දිල්ශාන් මධුරංගයි.අවසන් මහා තරඟයේදී පළමුව හොරණ විශ්ව ප්‍රභාත් සහ බොරැල්ලේ දිල්ෂාන් මධුරංග අතර තරගයක් පැවතුණි.

පලමුව තරගයෙන් ඉවත් වීමට සිදුවුයේ බොරැල්ලේ දිල්ෂාන් මධුරංගටයි. අනතුරුව අහුන්ගල්ලේ උදාර කෞෂල්‍ය සමගින් හොරණ – අමන්දා පෙරේරා තරග වැදුනු අතර, එහිදී විශ්ව ප්‍රභාත් සමඟ අවසන් අභියෝගයට මුහුණදීමට තේරී පත්වුනේ අහුන්ගල්ලේ උදාර කෞෂල්‍යයි.

හිරු ස්ටාර් අවසන් මහා තරඟයේ කිරුළ හිමි කර ගත් උදාර කෞෂල්‍යට රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීනතම ජීප් රථයක්,මුදලින් රුපියල් මිලියන දෙකක් සහ රුපියල් මිලියන 5 ක් වටිනා දෘශ්‍ය ගීත 12 ක් ඇතුළත් සංගීතමය ඇල්බමයක් හිමි කර ගැනීමේ හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?