උද්ඝෝෂණ තියෙන්නෙත් මාෆියාව තියෙන්නෙත් පොළොන්නරුවේ විතරයි -මහින්දානන්ද

වී සහ සහල් සඳහා පනවා ඇති පාලන මිලට එරෙහි විරෝධතා ඇතැම් පුද්ගලයින්ගේ මෙහෙයවීම මත සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

වී සඳහා උද්ඝෝෂණ සිදුකරන්නෙත් හාල් මාෆියාව ඇත්තෙත් පොළොන්නරුවේ පමණක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ වෙනකොට ගොවීන් වී සම්බන්ධයෙන් උද්ඝෝෂණ පවත්වනවා. මේ සියලු උද්ඝෝෂණ පවත්වන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ පමණයි. ඒ වගේම මේ රටේ හාල් මාෆියාව තියෙන්නෙත් පොළොන්නරුවේ විතරයි. ඒ නිසා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න ගොවීන් පමණක් උපයෝගි කරගනිමින් උද්ඝෝෂණ පවත්වනවා. මේ සඳහා මුදල් දෙන්නේ කවුද කියලා අපි දන්නවා. ගොවීන් ට මිලක් එන එක ගැන අපිට කිසි ගැටලුවක් නෑ. අපි කියලා තියෙන්නේ වී සඳහා පාලන මිල පමණයි. එතනින් එහාට වී මිල දී ගැනීම පිළිබඳ අපිට ප්‍රශ්නයක් නෑ.”

මේ අතර ලියාපදිංචි නොකළ වී ගබඩා පරීක්ෂා කිරීම තවදුරටත් සිදුකෙරේ.

අනුරාධපුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව නොච්චියාගම සහ ගල්කිරියාගම ප්‍රදේශවල ලියාපදිංචි නොකළ වී ගබඩා දෙකක් වැටලීමට ඊයේ (20) පස්වරුවේ කටයුතු කළේය.

එහිදී නොච්චියාගම ප්‍රදේශයේ වී ගබඩාවක තිබී වී කිලෝ ග්‍රෑම් 40,000ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය භාරයට ගෙන තිබේ.

එමෙන්ම ගල්කිරියාගම ප්‍රදේශයේ වී ගබඩාවක තිබූ වී කිලෝ ග්‍රෑම් 250,000ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට සිය භාරයට ගත් අතර පසුව එම වී තොගය ගල්කිරියාගම රජයේ වී ගබඩාව වෙත රැගෙන යනු ලැබීය.

එම වී සඳහා රජයේ සහතික මිල යටතේ මුදල් ගෙවීමට නියමිතය.

මේ අතර රජය වී සහ සහල් සඳහා පනවා ඇති පාලන මිල හේතුවෙන් තමන්ට වී අලෙවිකරගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවියෝ පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53