උතුරේ සංවර්ධන කටයුතුවලට ඉන්දීය සහාය

නාවික හා ගුවන්සේවා ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු වලට මෙන්ම උතුරේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු රජයේ පූර්ණ සහය ලබා දෙන බව නව ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා (Santosh Jha) මහතා පවසනවා.

ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙම කරුණු අනාවරණ කළේ අද (28) පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හමු වූ අවස්ථාවේදීයි.

‍අමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම සාකච්චාවේදී පලාලි ගුවන්තොටුපල, කන්කසන්තුරේ වරාය, තලෙයිමන්නාරම් වරාය සහ ත්‍රිකුණාමල යන වරායන්හි සංවර්ධන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ඉන්දියානු ආයෝජකයින්ට අවස්ථාව ලබා දීමට වර්තමාන රජය කැමැත්තෙන් සිටින බවයි.

විශේෂයෙන් නැව් සහ කුඩා යාත්‍රා ඉදිකිරීම් කටයුතු සඳහා කර්මාන්ත ශාලා පිහිටුවීමට ත්‍රිකුණාමල වරාය ප්‍රදේශයේ ඉඩ කඩ ලබා දීමට හැකියාව ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ සියලු වරායන් සම්බන්ධ කර ගනිමින් සංචාරක යාත්‍රා (ෆෙරි) සේවාවක් ආරම්භ කිරීමේ හැකියාව පිලිබඳව කරන ලද යෝජනාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමු වූ අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කරන බවයි කියාසිටියේ.

මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බල ශක්තිය නිපදවීම සඳහා ව්‍යපෘති කීපයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා ඉන්දියානු තාක්ෂණය සහ ආයෝජකයින් ලබා දීමට හැකියාව ඇති බවයි.

අසල්වාසී රාජ්‍යන් දෙකක් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතීතයේ සිට සහෝදරත්වයෙන් බැදී සිටි බවත් එය තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙරටේ නායකයින් වන ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව මහ කොමසාරිස් සංතෝෂ් ජා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05