උතුරේ මානව හිමිකම් ගැන ජනපතිට වාර්තාවක්

උතුරු පළාතේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශය ඇතුළත් වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.

එම කොමිසමේ සභාපති විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් කොමසාරිස් අනුසූයා ෂන්මුගනාදන් මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් උතුරු පළාතේ මානව හිමිකව් තත්වය පරීක්ෂා කිරීමේ චාරිකාවක් පසුගිය 16,17 සහ 18 දිනවල සිදු කරනු ලැබුවා.

එහිදී සිදු කළ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුලත් වාර්තාවකුයි ජනාධිපතිවරයා වෙත භාරදී ඇත්තේ.

මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ගේ මෙම සංචාරය සිදුවූයේ යාපනය සහ මන්නාරම නගර කේන්ද්‍ර කර ගනිමින්.

මෙම සංචාරයේදී මූලිකව අංශ 3ක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා ස්වේච්ඡා පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ඇති කිරීම,

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම්, මුහුදු මාර්ගයෙන් සිදුවන ජාවාරම් කිරීම් සහ උතුරු පළාතේ පොලිසිය සහ යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මාර්ග පරීක්ෂා කිරීමේ ස්ථාන සහ පවතින මාර්ග බාධක සම්බන්ධයෙන් විමසා බැලීම,

සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභාවක් ඇති කිරීම, දීර්ඝ කාලීනව රැඳවියන් සහ අතුරුදහන් වූවන් පිළිබඳ විමසා බැලීම,

එම කරුණු 3යි.

මෙම සංචාරයේදී මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන් විසින් පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින්, උතුරු පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, අතුරුදහන් වූ සහ දීර්ඝ කාලීන රැඳවියන්ගේ නියෝජිතයින් සහ එම පවුල්වල සාමාජිකයන් ද මුණගැසී තිබෙනවා.

එහිදී අදාළ පාර්ශව විසින් ඉදිරිපත් වූ කරුණු සහ ගැටළු පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුලත් වා්රතාව අද ජනාධිපතිවරයාට භාරදුන් බවයි මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48