යාපනය පෞද්ගලික බස් වෙනුවෙන් බස්නැවතුම්පලක් නොමැති වීමත් ලංගම බස් සමග පෞද්ගලික බස් ද එකම නැවතුම්පලක ගාල් කිරීමට අවශ්‍ය බව පවසමින් උතුරේ පෞද්ගලික බස්රථ සියල්ලක්ම අද (29) උදෑසන සිය ධාවන කටයුතුවලින් ඉවත්ව ඇතැයි උතුරු පලාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති පවසනවා.
අද (29) උදෑසන යායපනය මධ්‍යම බස්නැවතුම්පල වටකරගනිමින් පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මධ්‍යම බස්රථ නැවතුම්පලෙන් බස් ධාවනය කිරීමට නොදී එහි හිදගනිමින් විරෝධතාවක නිරත වුණා.
මේ හේතුවෙන් ලංගම බස්රථ ධාවනයටද දැඩි බාධා එල්ල වූ අතර මගීහුද දැඩි දුෂ්කරතවයන්ට පත්ව සිටියා.
යාපනය මධ්‍යම බස්නැවතුම්පලේ ලංගම බස් පමණක් ගාල් කෙරෙන අතර පෞද්ගලික බස්රථ නැවතුම්පල ඇත්තේ ජනසූන්‍ය ස්ථානයක බැවින් පෞද්ගලික බස්රථ නැවතුම්පල සොයාගැනීමටද මගීන්ට ගැටලුවක් වන අතරම පෞද්ගලික බස්රථ සදහා මගීන් නොමැතිව ධාවනය කිරීමට සිදුවන අවස්ථා ද දෛනිකව සිදුවන බැවින් වෙනත් දිස්ත්‍රීක්කයන්හි මෙන් පෞද්ගලික බස් සහ ලංගම බස් එකම බස්නැවතුම්පලක ගාල්කිරීමට අවස්ථාව සලසන ලෙසින් විරෝධතාවයේ නිරත පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
අද (29) දින උතුරු පළාතේ පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් මගීහු බොහෝ පිරිසක් ගමනාගමන කටයුතු අඩාල වීමෙන් අපහසුතාවයන්ට පත්ව සිටියා.










යාපනයට බස් නෙවතුම් පොලක් ඉතාමත් හොද දෙයක්.පුද්ගලික බස් තෙනින් තෙන නවතන බෙවින් සොයා ගෙනිමට අපහසු බවත් සත්‍ය කරුනකි.බෞද්දයින් දහස් ගනනාවක් වන්දනවෙ යන නාගදිප යට යන කුරුකටුවාන් බස් රිය බස් රතයෙ සෙවක මහතුන්ගෙ කරුනාවන්ත කම නිසා සොයා ගත හෙක.බස් නෙවතුම් පොල අසල තිබෙන රාත්‍රි තේ පෙන් සල් කරුනාවන්තය.ඉතා අහින්සක ජනතාවක් ඩෙල්ෆ් දුපතට ,අනලතිව්, සහ කොවිල් වලට යන ජනතාවට පහසුකම් නෙත.
ල0ගම.සෙවක මාහතුන්ටත් එසෙමය.දුර ගමන් ආවත් ඔවුන්ටත් පහසුකම් නෙත.යාපනය යට පහසු කම් ලෙබෙවා කියා පත්මි.