උතුරේ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි (ඡායාරූප)

1
496

යාපනය පෞද්ගලික බස් වෙනුවෙන් බස්නැවතුම්පලක් නොමැති වීමත් ලංගම බස් සමග පෞද්ගලික බස් ද එකම නැවතුම්පලක ගාල් කිරීමට අවශ්‍ය බව පවසමින් උතුරේ පෞද්ගලික බස්රථ සියල්ලක්ම අද (29) උදෑසන සිය ධාවන කටයුතුවලින් ඉවත්ව ඇතැයි උතුරු පලාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති පවසනවා.

අද (29) උදෑසන යායපනය මධ්‍යම බස්නැවතුම්පල වටකරගනිමින් පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මධ්‍යම බස්රථ නැවතුම්පලෙන් බස් ධාවනය කිරීමට නොදී එහි හිදගනිමින් විරෝධතාවක නිරත වුණා.

මේ හේතුවෙන් ලංගම බස්රථ ධාවනයටද දැඩි බාධා එල්ල වූ අතර මගීහුද දැඩි දුෂ්කරතවයන්ට පත්ව සිටියා.

යාපනය මධ්‍යම බස්නැවතුම්පලේ ලංගම බස් පමණක් ගාල් කෙරෙන අතර පෞද්ගලික බස්රථ නැවතුම්පල ඇත්තේ ජනසූන්‍ය ස්ථානයක බැවින් පෞද්ගලික බස්රථ නැවතුම්පල සොයාගැනීමටද මගීන්ට ගැටලුවක් වන අතරම පෞද්ගලික බස්රථ සදහා මගීන් නොමැතිව ධාවනය කිරීමට සිදුවන අවස්ථා ද දෛනිකව සිදුවන බැවින් වෙනත් දිස්ත්‍රීක්කයන්හි මෙන් පෞද්ගලික බස් සහ ලංගම බස් එකම බස්නැවතුම්පලක ගාල්කිරීමට අවස්ථාව සලසන ලෙසින් විරෝධතාවයේ නිරත පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

අද (29) දින උතුරු පළාතේ පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් මගීහු බොහෝ පිරිසක් ගමනාගමන කටයුතු අඩාල වීමෙන් අපහසුතාවයන්ට පත්ව සිටියා.

429615218 3992785714195103 2881915522207967324 n 1080
429829887 798356998773756 4863928660286003079 n 1080
429615220 374052368816017 5306427709396276239 n 1080
429133225 747833177367302 3794403052437569698 n 1080 1
426720602 1373445786636357 8262944418820569188 n 1080 1
427040009 1152202742631385 8324456746500430261 n 1080
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !