උතුරේ නැවතත් යුද්ධයකට උසි ගන්නයි රෝ ඔත්තුකරුවන් උතුරේ පිරේ

උතුරේ නැවතත් යුද්ධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇතැයි යාපනය සිවිල් සංවිධාන කේන්දරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් සඳහන් කරයි.

එම අවදානම පසුපස සිටින්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ දෙමළ ජාතික සන්ධානය බව ද ඔහු පැවසීය.

යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේද රෝ ඔත්තුකරුවන්ගෙන් පිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටී.

විග්නේශ්වරන් සහ පොන්නම්බලම්ට උදව් ආධාර කරන්නේ ද ඉන්දීය රෝ සංවිධානය බවද ඔහු පවසයි.

නමුත් උතුරේ දෙමළ ජනතාව නැවත යුද්ධයක් බලාපොරොත්තු නැති නමුත් ඔවුන් මෙම සිදුවීම් නිසා බයෙන් ජීවත් වන බව ද ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.