උතුරු මැද ලංගම ඩිපෝ 07ක සේවකයින් බස් ධාවනයෙන් ඉවතට – පොදු ප්‍රවාහනයට බාධා

උතුරු මැද පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ හතක සේවකයින් බස් ධාවනයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක ආරම්භ කර තිබෙනවා.

හොරොව්පතාන, අනුරාධපුර, කැකිරාව, කැබිතිගොල්ලෑව, දඹුල්ල, පොළොන්නරුව සහ කන්තලේ යන ඩිපෝවල සේවකයින් මෙලෙස බස් ධාවනයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

හොරොව්පතාන ලංගම ඩිපෝවට අනුයුක්තව සේවය කරන සේවකයින් දෙදෙනෙක්ට එල්ල වූ මැර ප්‍රහාරයට නීතිය ක්‍රියාත්මක කරන ලෙස දනවමින් ඩිපෝ හතේ සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකර තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පොදු ප්‍රවාහන සේවා වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළකරමින් ඊයේ (30) පස්වරුවේ සිට හොරොව්පතාන ඩිපෝ සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත්ව විරෝධතාවය පළකර සිටියා.

ඊට සහයෝගය දකවමිනුයි අද දිනයේ අනෙක් ලංගම ඩිපෝ 06 මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගයට එළඹ ඇත්තේ.

මහනුවර සිට ගෝමරන්කඩවල දක්වා ධාවනය වූ බස් පෞද්ගලික බස් රථයක් තුළ දී පෙරේදා (29) රාත්‍රියේ අදාළ ලංගම සේවකයින් දෙදෙනාට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම ලංගම සේවකයින් දෙදෙනා හොරොව්පතාන රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණා.

අලුතින් ධාවනය එක්කර තිබූ අදාළ පෞද්ගලික බස් රථයේ පිරිසක් සහ ලංගම ඩිපෝවේ සේවකයන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර ඇති අතර, අනතුරුව එම බස්රථය තුවාලකරුවන් දෙදෙනා ද සමඟ හොරොව්පතාන පොලිසිය වෙත ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තුවාලකරුවන් දෙදෙනා රෝහල් ගතකර ඇති අතර, පහරදීමට සම්බන්ධ සැකකරුවන් සියළු දෙනා පොලීසිය විසින් නිදහස් කර ඇති බවයි ඩිපෝ සේවකයින් චෝදනා කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29