උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ උතුරු මැද මහ ඇළට අයත් කිලෝමීටර 27.7 දිග උමං මාර්ගයේ දකුණු උමං කැණීම් භූමිය වන ඇලහැර , කෝඳුරුවාව වැඩ භූමියේ සේවකයින් පිරිසක් අද (05) උදෑසන තම රාජකාරීවලින් ඉවත්ව විරෝධතාවයක නිරත වී තිබෙනවා.
විරෝධය පළ කිරීමට එක්වූ සේවකයින් කියා සිටින්නේ; මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද දක්වා ජලය රැගෙන යන මෙම උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය දැනට ආරම්භ කර වසර 03ක් පසුව ඇතත් ඒ වනවිට එක් සේවකයෙක් සඳහා ලබා දුන් දිනක වැටුප වන රුපියල් 1750ක මුදල මේ වනතෙක් ඉහළ දමා නොමැති බවයි.
මෙම සේවකයන් එම හේතුවෙන් මෑන් පවර් ආයතනයවනයක්වන ” රොක් ඇන්ඩ් රෝස් ” නම් කොන්ත්‍රාත් ආයතනයටද විරෝධය පළ කරමින් තම වැටුප රුපියල් 1000කින් වැඩිකර දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම රොක් ඇන්ඩ් රෝස් කොන්ත්‍රාත් ආයතනය චයිනා ස්ටේට් සමාගමට සම්බන්ධ වන අතර සේවකයන් 600ක් පමණ සේවය කිරීම හේතුවෙන් ඔවුන් ඔවුන් මෙම ඉල්ලීම සිදුකරන බවයි පෙන්වා දෙන්නේ.














1750 dila haraiyata kannawatha beri eka a ilana de laba denna a minsunage