උතුරු පළාත සදහා ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක්

ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක් උතුරු පළාත තුළ ස්ථාපිත කිරීම සඳහා මේ වන විට වැඩ පිළිවෙළක් සකස් කෙරෙමින් පවතින බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.

ඒ හරහා ධීවර කර්මාන්තයට අදාළ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට මෙන්ම විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට හැකිවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාට ඉමහත් පාඩුවක් ගෙන දෙමින් අතරමැදියන් පිරිසක් අයුතු ලාබ ලැබූ ධීවර මාෆියාව අවසන් කිරීමට අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

ධීවර සංස්ථාව පසුගිය කාලයේ තලපත් මාළු මිල දී ගැනීම සිදුකලේ සැපයුම්කරුවන් හරහායි. ඔවුන් එම මාලු සපයනු ලැබුවේ ද ආනයනය කිරීමෙන්. පසුව සංස්ථාව සෘජුවම නීත්‍යානුකූල ක්‍රමවේදයන් යටතේ මාළු ආනයනය කිරීම ආරම්භ කලා. ඒ හරහා සංස්ථාවට විශාල ලාභයක් ලැබෙනවා. ඉන් සැපයුම්කරුවන් කිහිප දෙනෙක් සහ අතරමැදියන් පිරිසක් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය යම් ප්‍රමාණයකට බිඳ වැටුණා.

එහෙත් මෙම ඒකාධිකාරිය බිඳ දැමීම පහසු කාර්යයක් නොවෙයි. අපගේ ක්‍රියාවලිය අඩාල කිරීමට ඔවුන් විශාල වශයෙන් උත්සාහ කළා. සංස්ථාවේ සිටින ඇතැමුන්ගෙන් පවා ඒ සදහා සහයෝගය ලැබී තිබුණු බව හැගී ගියා. එම තත්ත්වයත් සමග ධීවරයින්ට, පාරිභෝගිකයින්ට වගේම සංස්ථාවටත් විශාල ලාබයක් අහිමි වුණා. එම නිසා අභියෝග මධ්‍යයේ වුවත් අප එම මාෆියාව පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා.

ධීවර සංස්ථාව දේශීය සැපයුම්කරුවන්ගෙන් තලපත් කිලෝවක් මිල දී ගනු ලැබුවේ රුපියල් 1750ක පමණ මුදලකටයි.

එහෙත් ඝෘජුව තලපත් ආනයන කිරීමේදී කිලෝවක් රු 1250 ක් වැනි මුදලකට මිළදී ගත හැකියි . සංස්ථාවේ මාසික අවශ්‍යතාවය ටොන් 50,000කට වඩා වැඩියි. මේ පසුබිම තුළ සංස්ථාව පාඩු ලැබීම පුදුමයක් නොවෙයි.

නමුත් මෙම මාළු ආනයනය තාවකාලික කටයුත්තක් වන බව ද පැවසිය යුතුයි. අපේ අරමුණ ධීවර සංස්ථාව ලාංකීක ධීවරයන් සමග ඉදිරියට යාම වගේම පාරිභෝගිකයන්ට ගුණාත්මක විශ්වාසදායි මාළු ලබාදීමයි.

ඒ වගේම උතුරු පළාත තුළ ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක් ස්ථාපිත කිරීම සඳහා මේ වන විට වැඩ පිළිවෙළක් සකස් කෙරෙමින් පවතිනවා. ඒ හරහා ධීවර කර්මාන්තයට අදාළ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමටත් විශාල පිරිසකට රැකියා ලබාදීමටත් හැකිවනවා.

ඒ වගේම මෙවර ලෝක ධීවර දිනයට (දළ රළ පෙළ) සමගාමීව වැඩසටහන් රැසක් යාපනය දිස්ත්‍රික්කය ප්‍රමුඛ උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් නොවැම්බර් 19 දා සිට 21 දක්වා පැවැත්වෙනවා.

එහිදී යාපනය දිස්ත්‍රික්කය තුළ ධීවර ජංගම සේවාවක් පැවත්වීම, ධීවර හැඳුනුම්පත් නිකුත් කිරීම, ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීම, ධීවර සංඥා සන්නිවේදන ගැටළු විසඳීම ඇතුළු ධීවර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන විසින් සපයනු ලබන සියලු සේවා පිළිබද ඔවුන්ගේ ගම්බිම් තුළදීම අවධානය යොමුකොට විසඳුම් ලබාදීම සිදු කෙරෙනවා. ඊට සමගාමීව කිලිනොච්චි දිස්ත්‍රික්කයේදී නාරා ආයතනයේ පරීක්ෂණ මධ්‍යස්ථානයක් විවෘත කිරීම ද සිදු කෙරෙනවා.

එහිදී ඉරණමඩු ජලාශය ප්‍රමුඛව පලාතේ වැව්, ගංගා, ජලාශ ආශ්‍රිතව මත්ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීමට ද නියමිතයි. (සී-නෝර්) බහුදින ධීවර යාත්‍රා සඳහා මත්ස්‍ය අස්වනු ලැබෙන ප්‍රදේශ හඳුනාගෙන දැනුවත් කිරීමට නව FAD යන්ත්‍රයක් හදුන්වා දීම ද සිදු කෙරෙනවා.

ඒ වගේම මිරිදිය ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මේ වසර තුළ මිලියන 54 ක (මිලියන පනස් හතරකට) ආසන්න මත්ස්‍ය ඇඟිල්ලන් දිවයින පුරා මිරිදිය ජලාශ වල තැන්පත් කිරීම සිදු කර තිබෙනවා.

එමෙන්ම මුහුදු පැලෑටි වගාව, මුහුදු කූඩැල්ලන් අභිජනනය ආදී වූ මෙරට තුලට විදේශ විනිමය ගෙන ඒමට හැකි ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙනවා.

චීන රජයේ ආධාර යටතේ එක්දින ධීවර යාත්‍රා සඳහා භූමිතෙල් සහනාධාර ලබාදීමේ වැඩසටහන දෙවන වරටත් මේ වන විට ක්‍රියාත්මක වනවා. එහිදී එක් ධීවර‍යෙකු සදහා භූමිතෙල් ලීටර් 153 බැගින් ධීවරයන් 28, 000 ක් අතර භූමිතෙල් ලීටර්ලීටර් 4,250,000ක් (හතළිස් දෙලක්ෂ පනස් දහසක්) බෙදා දීමට කටයුතු කෙරෙනවා.

දිස්ත්‍රික්කයේ ධීවර අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනවල නිලධාරීන්ගේ සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා වොලිබෝල් ක්‍රීඩා වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සහ “අන්තර් පාඨශාලීය චිත්‍ර තරගාවලියක්” පැවැත්වීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27