උතුරු පළාතෙන් බිහිවෙන පළමු ගුවන් නියමුවරිය

උතුරු පළාතෙන් බිහි වී ශ්‍රී ලංකාවේ සේවය කරණ පළමු දෙමළ ජාතික ගුවන් නියමුවරියවීමේ භාග්‍යය මන්නාරමේ තරුණියකට හිමි වී තිබෙනවා.

මෙම අවස්ථාව හිමිව ඇත්තේ එමානුවෙල් එවැන්ජලීන් නැමති තරුණියටයි.

මන්නාරමේ ඉතාම දුෂ්කර ගම්මානයක් වන මාන්තෙයි බටහිර වට්ටකන්ඩල් කාතන්කුලම් ගම්මානයේ ජීවත් වන එමානුවෙල් එවැන්ජලීන් මන්නාරම ශාන්ත සේවියර් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබෙනවා.

පසුව ඇය කොළඹ ආසියානු ගුවන් සේවා මධ්‍යස්ථානයට බැදී ගුවන් නියමු පුහුණු පාඨමාලාව හදාරමින් සිය ගුවන් නියමුවරියක වීමේ සිහිනයට ලඟා වී තිබෙනවා.

ඇයගේ මව්පියන් වන ෆ්‍රැන්සිස් එමානුවෙල් හා එස්. සිලම්මා යන දෙපළ පවසන්නේ කුඩා කාලයේ සිටම සිය දියණිය ගුවන් නියමුවරියක් වීමේ සිහිනය පසුපස ගිය බවයි.

උතුරේ දෙමළ තරුණියන් මීට පෙර ගුවන් නියමුවරියන් වශයෙන් පුහුණුව ලබා සේවය කරණ නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුත් ශ්‍රී ලංකාවේදී පුහුණුව ලැබීමක් හෝ ශ්‍රී ලංකාවට සේවය කිරීමක් නොකරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45