උතුරු කොරියා – රුසියා දීගයට දකුණු කොරියාවෙන් නොරිස්සුම් ප්‍රතිචාරයක්

උතුරු කොරියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට රුසියාව ගත් පියවර දකුණු කොරියාව තරයේ හෙළා දැක තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ; වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාවෙන් උතුරු කොරියානු හමුදා හැකි ඉක්මනින් ඉවත් කරගන්නා ලෙසට දකුණු කොරියානු අගනගරය වන සෝල් ඉල්ලා ඇති බවයි.

යුක්‍රේනයට එරෙහිව යුද්ධය ක්‍රියාත්මක කිරීමට හමුදා සැපයූ බවට උතුරු කොරියානු රජයට දැඩි විවේචන එල්ල වී තිබෙනවා.

එවන් පසුබිමක රුසියාව සමගින් උතුරු කොරියාව මේ අයුරින් ආරක්ෂක ගිවිසුමකට එළඹීම අතිශයින් ම කනස්සලට තුඩු දී ඇති බවයි දකුණු කොරියාව නිවේදනය කරන්නේ.

රුසියානු ව්‍යවස්ථාදායකය වන ‘ඩුමා’ විසින් ඊයේ (24) ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේ දෙපාර්ශ්වයට ම ප්‍රහාර එල්ල වුවහොත් “අන්‍යෝන්‍ය සහාය” ලබාදීම සඳහා මොස්කව් සහ ප්‍යොංයැං වෙත පැවරෙන මෙම ගිවිසුම අනුමත කිරීමට යි.

දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය අද (25) මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ; සෝල් නගරයෙන් උතුරු කොරියානු හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙසත් නීතිවිරෝධී සහයෝගීතාව නතර කරන ලෙසත් බවයි විදෙස් මාධ්‍යයෙහි සඳහන් ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38