spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උතුරු කොරියාවේ ඔත්තු චන්ද්‍රිකාව වැඩ අරඹයි – ඇමරිකාවේ මර්මස්ථාන කිහිපයකම ඡායාරූප අරන්

මෙම මාසයේ කක්ෂගත කරන ලද සිය පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය, පෙන්ටගනය සහ එක්සත් ජනපද නාවික මධ්‍යස්ථානවල ඡායාරූප ලබාගෙන ඇති බව උතුරු කොරියාව පවසනවා.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධය මධ්‍යයේ උතුරු කොරියාව මෙම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂ ගතකරනු ලැබුවා.

මෙම චන්ද්‍රිකාව තම හමුදාව ඔවුන්ගේ තාක්ෂණයෙන් නිර්මාණය කළ බවයි උතරු කොරියාව පැවසුවේ.

කෙසේ වෙතත් දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ රුසියාවේ සහාය ඇතිව මෙම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව උතුරු කොරියාව විසින් කක්ෂගත කර බවටයි.

චන්ද්‍රිකාව සිය ඔත්තු බැලීමේ මෙහෙයුම දෙසැම්බර් පළමුවනදා සිට විධිමත් ලෙස ආරම්භ කරන බවට උතුරු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම චන්ද්‍රිකාව ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව බාහිර ලෝකයෙන් තහවුරු වී නොමැති අතර, උතුරු කොරියාව සිය නව චන්ද්‍රිකාව මගින් ලබාගත් ඡායාරූප කිසිවක් තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැතිවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?