උතුරු කොරියාවේ ඔත්තු චන්ද්‍රිකාව වැඩ අරඹයි – ඇමරිකාවේ මර්මස්ථාන කිහිපයකම ඡායාරූප අරන්

මෙම මාසයේ කක්ෂගත කරන ලද සිය පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය, පෙන්ටගනය සහ එක්සත් ජනපද නාවික මධ්‍යස්ථානවල ඡායාරූප ලබාගෙන ඇති බව උතුරු කොරියාව පවසනවා.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධය මධ්‍යයේ උතුරු කොරියාව මෙම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂ ගතකරනු ලැබුවා.

මෙම චන්ද්‍රිකාව තම හමුදාව ඔවුන්ගේ තාක්ෂණයෙන් නිර්මාණය කළ බවයි උතරු කොරියාව පැවසුවේ.

කෙසේ වෙතත් දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ රුසියාවේ සහාය ඇතිව මෙම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව උතුරු කොරියාව විසින් කක්ෂගත කර බවටයි.

චන්ද්‍රිකාව සිය ඔත්තු බැලීමේ මෙහෙයුම දෙසැම්බර් පළමුවනදා සිට විධිමත් ලෙස ආරම්භ කරන බවට උතුරු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම චන්ද්‍රිකාව ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව බාහිර ලෝකයෙන් තහවුරු වී නොමැති අතර, උතුරු කොරියාව සිය නව චන්ද්‍රිකාව මගින් ලබාගත් ඡායාරූප කිසිවක් තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැතිවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56