උතුරු කොරියානු හිටපු ප්‍රචාරක ප්‍රධානියා දිවි ගමන නිම කරයි

උතුරු කොරියානු හිටපු ප්‍රචාරක ප්‍රධානියා වන කිම් කී නාම් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු ජීවිතක්ෂයට පත්වන විට 94 වන වියේ පසු වූ බවයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.

උතුරු කොරියානු පාලකයින්ගේ පෞරුෂය, සංස්කෘතිය ගොඩනංවමින් ඔවුන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදුකළ කිම් කී නාම්, බහු අවයව ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඊයේ (07) දින මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු නායකයින්ගේ පරම්පරා තුනකට ඔහුගේ සේවාව සපයා ඇති අතර ‘උතුරු කොරියානු ගොබෙල්ස්’ ලෙස ඔහුව හඳුන්වා තිබෙනවා.

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් අද (08) දිනයේ කිම් කී නාම්ගේ දේහය තැන්පත්කර ඇති අවමංගල්‍ය ශාලාවට පැමිණ ඔහු වෙනුවෙන් අවසන් ගෞරව දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

හෙට දිනයේ දී කිම් කී නාම්ගේ දේහය රාජ්‍ය ගෞරව සහිතව මිහිදන් කෙරෙන අතර, රාජ්‍ය අවමංගල්‍ය කමිටුවට කිම් ජොන් උන් ජනාධිපතිවරයා නායකත්වය දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

උතුරු කොරියාවේ කිම් රාජවංශයේ ප්‍රචාරක සහ උපාය මාර්ග සියල්ල කිම් කි නාම්ගේ සංකල්ප අධීක්ෂණය මත ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ.

කිම් කි නාම් ඔහු 2017 වසරේ දී උතුරු කොරියානු ප්‍රචාරක ප්‍රධානි තනතුරෙන් විශ්‍රාම ගිය අතර ඉන් පසුව වත්මන් උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය වන කිම් යෝ ජොං එම තනතුරේ වැඩ ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31