spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමයේ ජනතාවට සහන ලබාදීමට සැලසුම් (වීඩියෝ)

භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යමින් එළඹෙන උත්සව සමයේ දී ජනතාවට සහන ලබාදීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

උත්සව සමය සඳහා භාණ්ඩ ආනයනයට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

උත්සව සමයේ භාණ්ඩ ආනයනය කිරීමට අවදානය යොමු කර ඇති අතර මිල ඉහළ යාමට අවස්ථාව ලබා නොදී පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇති බව ද වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රටවල් කිහිපයක පවතින අර්බුද හමුවේ භාණ්ඩ මිල වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් උත්සව සමයේ ජනතාවට සහන ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ද නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

සීනි සඳහා පනවා ඇති බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවා.

පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කෙටි කාලයක් සඳහා සීනි සඳහා පාලන මිලක් පැනවීම සිදු කළ බවයි ඔහු කියාසිටියේ. බදු පැනවීම සිදු කළ ද සීනි මිල වැඩි වීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?