උත්සව සමයේ කොළඹට එන ජනතාවට වාහන ගාල් කරන්න ස්ථාන කිහිපයක්

ඊයේ (19) සිට කොළඹ නෙළුම් කුළුණ ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් සිදු කෙරෙන විවිධ වැඩසටහන්වලට පැමිණෙන ජනතාවට රථ වාහන ගාල් කිරීමට ස්ථාන කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

අනුව ලේක් හවුස් ඉදිරිපිට රථ වාහන ගාල් කිරීමේ ස්ථානයක් ඇති අතර ඊට මුදල් ගෙවීම සිදු කළ යුතුයි.

ගාර්ඩන් කෝවිල් රථ ගාල, ඩී. ආර්. විජේවර්ධන මාවත – ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථ වාහන නැවතුම් ස්ථානවල රථ වාහන ගාල් කළ හැකි බවයි පොලිසිය කියාසිටියේ.

එමෙන්ම ඊයේ (19) සිට ලබන 31 වනදා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව ද විවිධ වැඩසටහන් පැවැත්වෙන බැවින් ඊට පැමිණෙන මහජනතාව සඳහා ද රථ වාහන ගාල් කිරීමට ස්ථාන වෙන්කර තිබෙනවා.

MOD රථ ගාල, ගාලු මුවදොර – ගාලු මැද පාරේ රථ වාහන නැවතුම් සහ නව බාලදක්ෂ මාවතේ රථ වාහන නැවතුම් භාවිත කළ හැකියි.

මෙම රථ වාහන සැලැස්මට අනුව මාර්ග වැසීමක් සිදු නොකරන බව ද පොලිසිය ප්‍රකාශ කළා.

3 1 scaled
4 1 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14