spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමයේ කොළඹට එන ජනතාවට වාහන ගාල් කරන්න ස්ථාන කිහිපයක්

ඊයේ (19) සිට කොළඹ නෙළුම් කුළුණ ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් සිදු කෙරෙන විවිධ වැඩසටහන්වලට පැමිණෙන ජනතාවට රථ වාහන ගාල් කිරීමට ස්ථාන කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

අනුව ලේක් හවුස් ඉදිරිපිට රථ වාහන ගාල් කිරීමේ ස්ථානයක් ඇති අතර ඊට මුදල් ගෙවීම සිදු කළ යුතුයි.

ගාර්ඩන් කෝවිල් රථ ගාල, ඩී. ආර්. විජේවර්ධන මාවත – ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථ වාහන නැවතුම් ස්ථානවල රථ වාහන ගාල් කළ හැකි බවයි පොලිසිය කියාසිටියේ.

එමෙන්ම ඊයේ (19) සිට ලබන 31 වනදා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව ද විවිධ වැඩසටහන් පැවැත්වෙන බැවින් ඊට පැමිණෙන මහජනතාව සඳහා ද රථ වාහන ගාල් කිරීමට ස්ථාන වෙන්කර තිබෙනවා.

MOD රථ ගාල, ගාලු මුවදොර – ගාලු මැද පාරේ රථ වාහන නැවතුම් සහ නව බාලදක්ෂ මාවතේ රථ වාහන නැවතුම් භාවිත කළ හැකියි.

මෙම රථ වාහන සැලැස්මට අනුව මාර්ග වැසීමක් සිදු නොකරන බව ද පොලිසිය ප්‍රකාශ කළා.

3 1 scaled
4 1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?