උත්සව සමයේ කේක් හිඟයක්

මෙවර උත්සව සමයේ කේක් ඉල්ලුම අඩුවී ඇති් අතර කේක් හිඟයක් ද මතුවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසනවා.

මේ දිනවල පවතින බිත්තර හිඟය මෙන්ම මිල ඉහළ යාම හමුවේ උත්සව සමයේදී කේක් කිලෝවක මිල රුපියල් 1500ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මාසයකට පමණ පෙර කේක් කිලෝවක් අලෙවි කර ඇත්තේ රුපියල් 1100ක් පමණ මුදලකට වන අතර එහි මිල ඉහළ යාම හේතුවෙන් උත්සව සමයේ කේක් සඳහා ඇති ඉල්ලුම ද සියයට 25ක් පමණ දක්වා අඩුවී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

බිත්තර හිඟය හේතුවෙන් මෙවර උත්සව සමයේ කේක් ඉල්ලුම සපුරාලීමට නොහැකි වී ඇති අතර මහා පරිමාණ බේකරි කිහිපයක් හැර කුඩා ප්‍රමාණයේ බේකරි කේක් නිෂ්පාදනය අත්හැර දමා ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

උත්සව සමයේදී බිත්තර හිඟයක් ඇති නොවන බවට බිත්තර නිෂ්පාදකවරුන් ප්‍රකාශ කළ ද මෙවර ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ඔවුන්ට නොහැකි වී ඇතැයි ද එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16