උත්සව සමයේ අලෙවි කරන්න ඇඟලුම් කම්හලකින් ඇඳුම් සොරකම් කළ 3ක් අත්අඩංගුවට

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ප්‍රධානතම ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක ගබඩාව බිඳ එහි අපනයනය සඳහා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 11ක් වටිනා ඇඳුම් සොරකම් කළ තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර එම කර්මාන්තශාලාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා ද වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයන් විසින් මසා නිම කළ ටී ෂර්ට් සහ කමිස තොගයක් සොරාගෙන ඇති අතර ඔවුන් අද කටුනායක පොලිසියේ අත්අඩංගුවට පත්වීමේ දී සොරකම් කළ ඇඟලුම් තොගය ද සොයාගෙන තිබෙනවා.

පසුගිය 20 වනදා රාත්‍රී මෙම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඔහුගේ සහයන් දෙදෙනෙකු සමග පැමිණ මෙම කර්මාන්තශාලාවේ ගබඩාවේ පිටුපස කවුළුවක් බිඳ මෙම ඇඟලුම් සොරා ගෙන ඇතැයි සඳහන්.

අනතුරුව එම සොරකම් කළ ඇඟලුම් තොගය මෝටර් රථයක් මගින් නිදහස් වෙළෙඳ කළාපයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.

මෙම කර්මාන්තශාලාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හිටපු හමුදා සාමාජිකයෙක් වන අතර ඔහු විසින් මෙම සොරකම සම්පූර්ණයෙන් සැළසුම් කර මෙහෙයවා ඇති බවටයි හෙළිවී ඇත්තේ. සොරකම් කළ මෙම ඇඟලුම් එළඹෙන උත්සව සමයේ අලෙවිය සදහා යොමු කිරීමට මොවුන් සැළසුම් කර තිබූ බව ද පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග මෙම සොරකම සඳහා භාවිතා කළ මෝටර් රථය ද කටුනායක පොලිසිය මගින් අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20