spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සපයනවා

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා අවශ්‍ය දේශීයව නිෂ්පාදනය කරන සහල්, එළවළු, බිත්තර, කුකුල් මස් සහ පලතුරු හිඟයකින් තොරව සපයා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මාසයකට පෙර ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබූ එළවළු මිල සහ එළවළු හිඟය මේ වන විට අවසන් වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙරට නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රජය දියත් කර ඇති වැඩපිළිවෙළ යටතේ කුකුළු මස්, බිත්තර, එළවළු, පලතුරු සහ සහල් දැන් වෙළෙඳපොළේ වැඩි වශයෙන් තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

තවද මැයි මාසය වන විට බිත්තරයක මිල රුපියල් 30 දක්වා අඩු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?