උත්සව සමයට බිත්තර මිලියන 40ක් පිටරටින් – කුඩා පරිමාණ කුකුළු ගොවීන්ට ගැටළු රැසක් (වීඩියෝ)

එළඹෙන උත්සව සමයට බිත්තර මිලියන 40ක් ආනයනය කිරීමට ගත් තීරණය හේතුවෙන් දේශීය කුඩා පරිමාණ කුකුළු ගොවීන්ට ගැටළු රැසක් උද්ගත විය හැකි බව ගොවි සංගම් නියෝජිතයින් මැසිවිලි නගනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පාරිභෝජනයට අවශ්‍ය බිත්තර රට තුළම නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීම ඔස්සේ රුපියල් 30 ත් 35ත් අතර මිලකට බිත්තරයක් ලබාදිය හැකි බවයි.

මේ වන විට වෙළදපොළේ දේශීය රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 60ත් 70ත් අතර මිලකටයි.

එමෙන්ම සුදු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55 ත් 65 ත් අතර මිලකට අලෙවි වන අතර, ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලංකා සතොස හරහා රුපියල් 45 කට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

කෙසේ නමුත් එළඹෙන උත්සව සමයේ හිඟයකින් තොරව ජනතාව බිත්තර වෙත ලබාදීමට රජය ගත් තීරණයත් සමඟ බිත්තර මිලියන 40ක් ආනයනය කිරීමට සැළසුම් කර තිබෙනවා

එවන් පසුබිමක් තුළ අකුරැස්ස පශුවෛද්‍ය කාර්යාලය මගින් පවතින බිත්තර ඉල්ලුම උදෙසා කුකුළු පැටවුන් 100ක් නොමිලේ ගොවීන්ට ලබාදීමේ වැඩපිළිවලක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

කුකුල් ගොවිපොළ පවත්වාගෙන වන ගොවීන්ට ලබාදෙන කුකුළු කෑම සඳහා 50%ක වට්ටමක් ද ලබා දී ගොවීන් දිරිගැන්වීමට ද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත පළාතේ පශු වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් කුකුළු ගොවීන් පෙන්වා දෙන්නේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් තමන් දැඩි ගැටළු රැසකට මුහුණ පා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21