උත්සව සඳහා නැවතත් සීමා පනවන්න යයි

දිගින් දිගටම ජනතාව වගකීම් විරහිතව කටයුතු කළහොත් උත්සව සඳහා සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දිනවල පැවති විවිධ උත්සව, විවාහ මංගල උත්සව හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම් රැසක් වාර්තා වූ බවයි. ජනතාව වගකීම් විරහිතව හැසිරීම නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ හේතුවෙන් ඉදිරියේදී උත්සව සඳහා සීමා පැනවීමට සිදුවෙනු ඇති බව කියා සිටියා.

මේ අතර මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 617 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ආසාදිතයින් හය සීයේ සීමාව අඛණ්ඩව මෙලෙස පසු කළේ දෙවන දිනටයි.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 20ක් වාර්තා වූ අතර ඉන් 14 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්. ජනතාවගේ නොසැලිකිලිමත්කම හේතුවෙන් යළිත් රටතුළ කොරෝනා ආසාදිතයින් වැඩි වෙමින් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49