උත්තර පත්‍ර ඇගයීම් සදහා ගුරුවරුන්ගෙන් තවත් ඉල්ලීමක්

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතත් මේ දක්වා එම උත්තරපත්‍ර ඇගයීම් ගාස්තු ගෙවා අවසන් කර නො මැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. කොරෝනා වසංගත අවදානම නො තකා පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින සිට උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගි වූ ගුරුවරුන්ට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් පවා නො මැති පසුබිමක් තුළ ගුරුවරුන් එම ඇගයීම් සිදුකළ බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්