උණු වතුර බොයිලේරුවකට වැටී ඉන්දීය ජාතිකයෙක් මරුට

උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (30) රාත්‍රී මෙලෙස මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ඊයේ අලුයම අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී උණුවතුර බොයිලේරුවකට ඇද වැටීම හේතුවෙන් රෝහල් ගතකර ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.