spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩ ගිය එළවළු මිල පහළට (වීඩියෝ)

පසුගිය දිනවල සීග්‍රයෙන් ඉහළ ගිය එළවළු වල මිල අද වනවිට යම් තරමක් දුරට අඩුවී ඇති බව දක්නට ලැබෙනවා.

එළවළු මිල අධික ලෙස ඉහළ යාම හමුවේ පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීම තරමක් දුරට ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම මිල අඩුවීම සිදුවි ඇති බවයි වාර්ථා වන්නේ.

පසුගිය දිනවල අසිමිත ලෙස වෙලදපොළේ එළවලු මිල ඉහල ගිය අතර මෙරට වෙළදපොලේ පළමු වරට කැරට් කිලෝවක මිල රුපියල් 1700- සිට 2200 ඒ සීමාව දක්වා ඉහළ ගියා.

මීට අමතරව ගෝවා, අමු මිරිස්, බීට්, බෝංචි, වම්බටු, කිලෝවක මිල රුපියල් 1000 සීමාව ඉක්මවා සටහන් වුණා.

පසුගිය දිනවල ඇදහැලුනු අදික වර්ෂාව සමග ගොවිබිම්වලට සිදුවු හානි හේතුවෙන් මෙලෙස එළවලු මිල ඉහළ ගොස් ඇති බව වෙළදුන් සදහන් කළද අද වන විට යම් තරමක් දුරට එළවලු මිල පහත බැස ඇත්තේ පාරිභෝගික ජනතාව එළවලු මිලදි ගැනිම යම් තාක් දුරකට ප්‍රතික්ෂේප කිරිමත් සමගයි.

තවදුරටත් එළවලු මිල පහල බැසීමට නම් එලවලු පරිභෝජනයෙන් ඉවත් විය යුතු බවයි ජාතික පාරිභෝගික පෙරමුණ සදහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?