උඩ ඉන්න දෙවියන් අවසානයේ මොනා හරි හොඳ දෙයක් කරයි

කාලයක් නිහඬව හිටියත් ලැබුණු ජනප්‍රියත්වය ඒ ආකාරයෙන්ම පවත්වගෙන යන වගේම තමන්ගේ රසික රසිකාවියන්ට බොහෝ සෙයින් ආදරය කරන දක්ෂ ගායන ශිල්පියෙක් තමයි ඉඳුනිල් අන්ද්‍රමාන කියන්නෙ.ඔහුගේ කාර්‍ය බහුල ජීවිතයෙන් වෙලාවක් වෙන් කරගෙන ඔහු අප සමඟ සුහද කතා බහක යෙදුනේ මේ ආකාරයටයි.

ඉතිං ඉඳුනිල් කොහොමද මේ දවස් වල?

ඇත්තටම හොඳින් ඉන්නවා කියනවට වැඩිය මම කියන්නෙ මේ දවස් වල හොඳින් ඉන්න උත්සාහා කරනවා කියලා.

ඇයි ඒ හොඳින් ඉන්න උත්සාහා කරන්නෙ?

ඇත්තටම මේ කාලයේදි සතුට කියන දේ අපෙන් උදුරගෙන තියෙන්නෙ මේ රටේ ප්‍රශ්න.ඒ උදුරගත්ත සතුට ආයෙ ලැබුණ දාක තමයි අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන්නෙ.

කලාකරුවෙක් විදියට ඉඳුනිල් මොකක්ද ඇත්තටම හිතන්නෙ මේ රටට වෙලා තියන දේ ගැන?

ඇත්තටම විදෙස් සංචාර වලට යනකොට flight එක ලංකාවෙන් ඈතට යනකොට මට හිතෙනවා අපි මේ ඉන්නෙ කොච්චර ලස්සන රටකද කියලා.මොන රටකට ගියත් මොන සැම සම්පත් ලැබුණත් ආයෙත් ලංකාවට එනකන් ඉවසිල්ලක් නෑ.හැබැයි දැන් මිනිස්සු රට දාලා යන තැනටම මේ රට පත්වෙලා.ඒ මේ රටේ පාලකයො නිසා.කලාකරුවෙක් විදියට ඇත්තටම දුකයි.ඒත් උඩ ඉන්න දෙවියන් අවසානයේ මොනා හරි හොඳ දෙයක් කරයි කියලා හිතෙනවා

ඔබටත් රට දාලා යන්න හිතුණාද?

හිතුනා විතරක් නෙමෙයි මට හොඳ අවස්තාවකුත් හම්බුනා.මම ඒ අවස්ථාවට පයින් ගැහුවා. අපි තීරණය කලා අපි රට දාලා යන්නෙ නෑ කියලා.

බෑන්ඩ් පිස්සුව හැදුනෙ කොයි කාලෙද?

හරියටම 1993 දි.ඒ කාලෙ x ray කොල වලින් තේ කොළ පෙට්ටි වලින් drums ගහපු කාලෙ.Music මොකක්ද කියලාවත් දන්නෙ නෑ.sunflower,gypsies දකිද්දි ආසයි.ඉතිං මම 93 දි පටන් ගත්ත ගමන තමයි දිගටම මේ ආවෙ

අලුත් ගීතයක් කවදද අපිට අහන්න ලැබෙන්නෙ?

හරියටම තව සතියකින් අහන්න පුලුවන්.”දෙසවන” Music පැත්තට හැරිලා ඉන්න.

ලංකාවෙ රැල්ලට යන ගීත ගැන මොකද හිතෙන්නෙ?

හරියට දේශපාලනය වගේ.ඒකත් යන්නෙ රැල්ලකටනෙ.අපේ රටට තියන ලොකුම බාධකය තමයි මේ රැලි.මේවා තේරුම් අරන් අපිමයි වෙනස් වෙන්න ඕන.අපිම වෙනස් වෙලා හොඳ වෙනසක් තියන හොඳ නිර්මාණ කරන්න ඕන.හැබැයි මෙහෙම දෙයක් තියනවා,සමහර වෙලාවට හොඳට bat කරන්න පුළුවන් පිතිකරුවන්ට හම්බවෙන bat එක හරි නෑ.ගීතත් ඒ වගේ.හොඳ ගායකයන්ට නිර්මාණයවෙන නිර්මාණ හරි නැති අවස්තා තියනවා.තැත්තම් මෙලඩි එක අවුල්වෙන්න පුළුවන්.මේ වගේ දේවලුත් තියනවා.හැබැයි සෝඩා බෝතලේ වගේ නොවී මිනිස්සුන්ගෙ හදවත් දිනා ගත්ත හොඳ ගීත නිර්මාණය කරන ගායක ගායිකාවනුත් ඉන්නවා.

“Stage” එක වේදිකාව කියන්නෙ මොකක්ද ඔබ දකින විදියට?

Stage එක කියන්නෙ හොඳ නරක දෙකම තියන තැනක්.කෙනෙකුට අතිශය ජනප්‍රිය වෙන්න පුළුවන්.ජීවිතයේ තමන් නොවිඳපු දේවල් විඳින්න පුළුවන්.ඒ කියන්නෙ හොඳ වාහන,ඇඳුම් පැළඳුම්,ගෙවල්…මේ දේවල් හොඳම විදියෙන් ජීවිතේට ලං කරගන්න පුළුවන්.උදාහරණයක් ගත්තොත් මාවම,මම ඉන්නෙ මම පටන් ගත්ත තැන නෙමෙයි.හැබැයි ඒක නරක පැත්තට යොමු උනොත් ජීවිතේ අපි පැරදෙනවා.කලාවට සම්බන්ධ වෙනවා කියන්නෙ ඒක පිනක්.ඒක අපිට දෙයියො දීපු Gift එකක්.

ඉඳුනිල් අන්ද්‍රමානව හඳුන්වා දෙන්න පුළුවන් හොඳම විදිය මොකක්ද?

මම ගමෙන් ආව කෙනෙක්.මම තාමත් මගේ ගමට ආදරෙයි.මගේ ගම මාතර..ගමේ ආභාෂය,ගමේ හදවත,ගමේ තියන මනුස්සකම රැකගෙන ඉන්න හදන ආදරණීය කෙනෙක්.

සංගීත වේදිකාවෙ සිදුවුණු අමතක නොවෙන දෙයක් කියන්න කිව්වොත්?

දවසක් අරව්වල show එකකදි සිංදු කිය කිය ඉන්න ගමන් එක පාරටම පොලවෙ ගැහුවා වගේ මාව ඇදගෙන වැටුණා.Stage Carpet එක එහෙ මෙහෙ වෙලා තිබිලා stage එකේ ලෑලි අස්සට මගෙ කකුල ගිහින් තමයි ඒක උනේ..මොකද අපි එක තැන සිංදු කියන්නෙත් නෑනෙ.දෙනෝදාහක් සෙනඟ මැද්දෙ මාව ඇදගෙන වැටුණා.අදටත් පොඩි බයක් තියනවා stage එකකට නගිනකොට..

ගෙවුණ ජීවිතේ දිහා බලද්දි මොකද හිතන්නෙ?

සමහර දේවල් මගහැරුනා.කාලය,පරිසරය,ගමේ සම්බන්ධකම් මඟහැරුණා.හැබැයි මම අතිශය ජයග්‍රාහී මට්ටමක ඉන්නවා දැන්.

ජීවිතේ අතරමං වෙච්ච කෙනෙක්ට ආයෙත් ජීවිතේ ගොඩගන්න ඕන නම් ඒකට අවශ්‍යම දේ මොකක්ද?

එහෙම කෙනෙක්ට අපි කොච්චර කිව්වත් තනියම නැඟිටින්න කියලා ඒක කවදාවත් කරන්න බෑ.මට එහෙම වුණා.එහෙම කෙනෙක් ගාව හොඳ ශක්තිමත් කෙනෙක් සිටිය යුතුමයි අත දෙන්න..තනියම ඒක කරන්න බෑ

ජීවිතේ තැනක වැරදුනා නම් ඒ ඇයි?

තෝරාගැනීම් වල තියන ප්‍රශ්න ප්‍රශ්න නිසා..ආදරය වෙන්න පුළුවන්,අපි වාහනයක් ගන්න යන තැන,රැකියාව යාලුවො,සම්බන්ධතා මේවගේ දේවල් නිසා අපි ගන්නෙ වැරදි තීරණ.මට එහෙම තැන් තිබුණා.

ඉඳුනිල් ගෙ ආදරණීය පවුලෙ විස්තර මොනවද?

මගේ පවුලෙ මමයි මගේ බිරිඳ අචිනියි මගෙ දුවයි ඉන්නෙ.දුවට අවුරුදු හතරයි.අපි තුන් දෙනා පුංචි පවුල ‍රත්තරං කියලා ඉන්නවා ඉතිං..

දුවෙක්ගෙ තාත්තා කෙනෙක් වෙන එක ලේසි නෑ..ඒ වගකීම කොහොමද?

අනිවාරෙන්ම..අද මේ රටේ දකින දේවල් එක්ක හරිම බයයි.දූෂණ,පැහැර ගැනීම් වෙන විදිය ඇහුවම අපි මේ ඉන්න සමාජය ගැන කලකිරෙනවා.ගැහැණියකට මිනිස්සු ආසා කරනවා වැඩියි.මගේ දුවව මම හදන්න ඕන සෑහෙන්න පරිස්සමින්.අපි හිටියත් නැතත් මගෙ දුවව මම පරිස්සම් කරන්න ඕන.ඒක ලොකු වගකීමක්

ඉඳුනිල් ට රඟපාන්න අවස්ථා ඇවිත් තියද?

ඔව්.විශ්ව ලංකාගෙන් රඟපාන්න තදින්ම ආරාධනාවක් ආවා.ඒත් මම ඒකට කැමති උනේ නෑ.මට රඟපාන්න හැකියාවක් නෑ කියලා හිතුණා.

ඉස්සරහට තියන වැඩ මොනවද?

රසිකයන්ව පිනවන්න මම ආසයි.ඒක මගෙ රස්සාව..තව කෙනෙක්ව ගොඩගන්න අවස්ථාවක් තියනවා නම් මම කැමතියි උදව් කරන්න.මම හරි නිහතමානී කෙනෙක්.මගේ සංගීත වැඩ කටයුතු කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25