උඩු ගුවනේ දී ගුවන් යානයක දොර පුපුරා ගොස් අනතුරක්

ඇලෙස්කා ගුවන් සේවයට අයත් යානයක් පෝලන්ත ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබැස්ස වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෝයිං 737 මැක්ස් වර්ගයේ මෙම යානය ගුවන් ගත වී තිබූ මොහොතේ එහි දොරටුවක් පිපිරී යාම හේතුවෙන් මෙලෙස එය පෝලන්ත ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවේ දී යානය තුළ මගීන් 171 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු සිට තිබෙනවා.

යානය පෝලන්තයේ සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ දක්වා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවයි ඇලෙස්කා ගුවන් සේවය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්