spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩුවර නායයාමෙන් ප්‍රවාහන අපහසුතා ඇති උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම්දීමක්

බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කිරීමට අපහසු උසස් පෙළ අපේක්ෂකයන්ට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සහ බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ගමන් කිරීමට අපහසු අපේක්ෂකයන්ට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදීත් විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ප්‍රවාහන අපහසුතාවක් ඇති විභාග අපේක්ෂකයන් වෙතොත් මෙම විභාග මධ්‍යස්ථාන දෙකට විභාගය ආරම්භ වීමට විනාඩි 45කට පෙර පැමිණෙන ලෙසටයි.

අයහපත් කාලගුණය සහ නාය යාම හමුවේ ප්‍රවාහන අපහසුතා නොමැති අපේක්ෂකයන්ට තමන්ට නියමිත විභාග මධ්‍යස්ථාන වෙතම යා යුතු බව අවධාරණය කෙරෙනවා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?