උඩුවර දැවැන්ත නාය යාමෙන් ගමනා ගමනයට තවදුරටත් බාධා (වීඩියෝ)

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 7 කණුව ආසන්නයේ සිදු වූ විශාල නාය යෑම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පස් කන්දට කිසියම් පුද්ගලයෙකු යටවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවන බවයි.

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හාලිඇළ අතර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි සිදු වූ දැවැන්ත නායයැමක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වුණා.

බදුලු ඔය දක්වා මීටර් 85ක් පමණ දුරට මෙලෙස නාය ගොස් තිබෙනවා.

මේ අතර අද උදෑසන බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ උඩුහුල්පත ප්‍රදේශයේ දී ගරාජයක් මතට පස් කන්දක් වැටී වාහන 4ක් යට වුණා. මාර්ගයේ එක් මං තීරුවක් සම්පූරණයෙන්ම වසා දමා තිබෙනවා. පස් කන්ද නාය යන අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබුණා.

මේ අතර නුවරඑළිය ඌව පරණගම මාර්ගයේ ගලහගම ප්‍රදේශයේදී මාර්ගයට විශාල ගල් සහ පස් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.

මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව එහි වාන් මට්ටමට ළඟාවීම හේතුවෙන් එක් වාන් දොරටුවක් අද අළුයම විවෘත කෙරුණා. ඉන් තත්පරයට ඝන අඩි 800ක ජල ධාරිතාවක් අඹන් ගඟට මුදා හැරෙනවා. මේ හේතුවෙන් අඹන් ගග හා මහවැලි ගග පරිහරණය කිරීමේ දී ජනතාව වඩා සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටිනවා.

මොරගහකන්ද ජලාශයේ සහ කලුගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ අඹන් ගඟේ ජල මට්ටම මේ වන විට සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. අඹන් ගඟ හරස් කරමින් ඉදිකර ඇති අංගම්මැඩිල්ල අමුණේ සම්පූර්ණ ජලය සෘජුවම මහවැලි ගඟට මුදා හැරෙන අතර ඒ හෙතුවෙන් ප්‍රදේශ රැසකට ගංවතුර අවදානම් මතුව තිබෙනවා.

මහවැලි ගග පිටාර ගැලීමෙන් පොලොන්නරුව – මඩකලපුව මාර්ගය පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයෙන් යළි ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඊයේ රාත්‍රියේ සම්පූර්ණයෙන් ම නවතා දැමුණු අතර අද උදෑසන සිට බර වාහන ධාවනයට පමණක් අවසර ලබා දී තිබෙනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අඩි දෙක බැගින් අද සවස විවෘත කෙරුණා. ඉන් තත්පරයට ගණඅඩි 2500ක ජලධාරිතාවක් අඹන් ගඟ හරහා මහවැලි ගඟට මුදා හැරෙන අතර සෝමාවතිය ප්‍රදේශයේ ජල මට්ටම ඉහල යා හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

රාජාංගනය ජලාශයේද වාන් දොරටු 6 ක් මේ වන විට විවෘත කර අති අතර ඉන් තත්පරයට ඝණ අඩි 6600ක ජල ධාරිතාවක් කලා ඔයාට මුදා හැරෙනවා. අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කෙරුණා.

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කලාවැව වාන් දොරටු දෙක අඩි 13ක් දක්වා විවෘත කර තිබෙනවා.

කණ්ඩලම ජලාශයේද වාන් දොරටු විවර කර තිබෙනවා. සවස් කාලය වන විට ජල මට්ටම වැඩි වුවහොත් පිටවාන හරහා රථ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවන බවයි දඹුල්ල පොලිසිය පවසන්නේ.

ලුණුගම්වෙහෙර ජලාශයේ ද වාන් දොරටු 06 ක් විවෘත කර තිබෙනවා. එමගින් තප්පරයට ඝන අඩි 6400 ක ජල ප්‍රමාණයක් මුදා හැරෙනවා.

මැණික් ගඟ පිටාර ගැලීමෙන් යාල ජාතික වනෝද්‍යානයේ භූමි ප්‍රමාණයෙන් සියයට 75 ක ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇතැයි වනෝද්‍යාන නිලධාරීන් පවසනවා. පලටුපාන ප්‍රධාන පිවිසුම ඊයේ සිට වසා දැමීමට කටයුතු කර ඇති අතර සිතුල්පව්ව සහ කිරින්ද පිවිසුම් මාර්ග ද මේ වන විට ජලයෙන් යටවී තිබෙනවා. කතරගම කටගමුව පිවිසුමෙන් පමණක් සංචාරකයින්ට යාල ජාතික වනෝද්‍යානයට ඇතුලුවීමටත් කලාප අංක හතර, පහ සහ හය යන ප්‍රදේශ තුළ පමණක් සංචාරය කිරීමට අවසර හිමිවනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පහත් බිම් ජලයෙන් යට වී ඇතැයි දසත නිවුස් වාර්තාකරුවන් පවසනවා. මඩකලපුව දුම්රිය ස්ථානයද ජලයෙන් යටව පවතින අතර ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48