උඩුදුම්බර නිවසක ගරාජයක සැකකටයුතු ජීප් රථයක් – හිමිකරු හිමිනමක්

මහනුවර, උඩුදුම්බර, උයන්වල ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී සැකකටයුතු ජීප් රථයක් සොයාගෙන තිබෙනවා.

උඩුදුම්බර පොලිස් ස්ථානයේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (09) මෙම ජීප් රථය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ජීප් රථය සොයාගත් නිවසේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ, පිරිත් දේශනයක් සඳහා මීට මාස කිහිපයකට පෙර නිවසට පැමිණිලි ස්වාමීන් වහන්සේ නමක් විසින් කාර්මික දෝෂයක් හේතුවෙන් රථය මෙලෙස දමා ගිය බවයි.

මහියංගනය, ආඳාඋල්පත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් විසින් මෙම රථය එලෙස දමා ගිය බවයි අදාළ පුද්ගලයා වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ රථයේ සවිකර තිබූ ලියාපදිංචි අංකය පිළිබඳව සිදුකළ විමර්ශනයේ දී එය ව්‍යාජ අංකයක් බවට හදුනාගෙන තිබෙනවා.

එම අංකයට නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කළ ජීප් රථයක් කුරුණෑගල ප්‍රදේශයේ ඇති බවට කරුණු අනාවරණය වූ බවයි උඩුදුම්බර පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

මේ අතර සොයාගත් ජීප් රථයේ හිමිකරු බව කියන මහියංගනය, ආඳාඋල්පත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානය ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (10) දිනයේ උඩුදුම්බර පොලිස් ස්ථානය වෙත කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

පොලිස් වසම්වල දී තවත් සැක සහිත ජීප් රථයක් සහ ඩිෆෙන්ඩරයක් සොයාගෙන ඇති බව පොලීසිය කියයි.

පල්ලේ කැලේදී හමු වූ ඩිෆෙන්ඩරය ජයශ්‍රී උයන ප්‍රදේශයේ නිවසක නවතා තිබූ එකලස් කරන ලද බව කියන ඩිෆෙන්ඩර් රතයක් බව පොලීසිය කියයි.

එම සැකකටයුතු ජීප් රියේ හිමිකරු බව කියන 49 හැවිරිදි විදුලි ඉංජිනේරුවරයෙකු පොලිසියට බාර වී ඇති බවද කියයි.

අනෙක් ජීප් රථය උඩදුම්බර උයන්වල ප්‍රදේශයේ නිවසක ගරාජයක් තුළ නවතා තිබියදී සොගෙන ඇති අතර අදාළ නිවෙස් හිමියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පාසා ඇත්තේ මීට මාස හයකට පෙර ඔහුගේ නිවසේ පැවති පිරිතකට සහභාගිවීමට පැමිණි හිමිනමක විසින් එම ජීප් රථය නවතා දමා ගිය බවයි.

එම ජීප් රථයේ සවිකොට තිබූ අංකය ඔස්සේ සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ කුරුණෑගල ආඳාගල ප්‍රදේශයේ එම අංකයට ලියාපදිංචි තවත් ජීප් රථයක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56