උඩවලව වේල්ල මතින් ඇති මාර්ගය වැසේ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් උඩවලව ජලාශයේ වේල්ල හරහා තණමල්විල දක්වා දිවෙන මාර්ගය වසා තැබෙන බව මහවැලි අධිකාරිය පවසනවා.

ලබන 15 වනදා සිට ජනවාරි මස 14 වනදා දක්වා අධියර කිහිපයක් යටතේ මාර්ගය වැසෙන බවයි එම අධිකාරිය නිවේදනය කළේ. ජනවාරි 15 වනදා නැවත මාර්ගය විවෘත කෙරෙනු ඇති.

මෙම කාලසීමාව තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි රියදුරන්ට සහ මහජනතාවට මහවැලි අධිකාරිය දැනුම් දෙන්නේ.

ලබන 15 වන සිකුරාදා සිට 22 වනදා දක්වා උඩවලව වේල්ල මතින් දිවෙන මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙනවා.

ලබන 23 වනදා සිට ජනවාරි මස 6 වනදා දක්වා මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමටයි සැලසුම් කර ඇත්තේ.

යළිත් ජනවාරි 7 වනදා සිට ජනවාරි 14 වනදා දක්වා මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙනවා.

මේ හේතුවෙන් අදාළ කාලය තුළ තණමල්විල දෙසට ධාවනය කරන වාහනවලට ඇඹිලිපිටිය හරහා ගමන් කරන මාර්ගය භාවිත කරන ලෙසටයි මහවැලි අධීකාරිය දැනුම්දී ඇත්තේ.

Udawalawa Road Closed


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14