spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩවලව වේල්ල මතින් ඇති මාර්ගය වැසේ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් උඩවලව ජලාශයේ වේල්ල හරහා තණමල්විල දක්වා දිවෙන මාර්ගය වසා තැබෙන බව මහවැලි අධිකාරිය පවසනවා.

ලබන 15 වනදා සිට ජනවාරි මස 14 වනදා දක්වා අධියර කිහිපයක් යටතේ මාර්ගය වැසෙන බවයි එම අධිකාරිය නිවේදනය කළේ. ජනවාරි 15 වනදා නැවත මාර්ගය විවෘත කෙරෙනු ඇති.

මෙම කාලසීමාව තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි රියදුරන්ට සහ මහජනතාවට මහවැලි අධිකාරිය දැනුම් දෙන්නේ.

ලබන 15 වන සිකුරාදා සිට 22 වනදා දක්වා උඩවලව වේල්ල මතින් දිවෙන මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙනවා.

ලබන 23 වනදා සිට ජනවාරි මස 6 වනදා දක්වා මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමටයි සැලසුම් කර ඇත්තේ.

යළිත් ජනවාරි 7 වනදා සිට ජනවාරි 14 වනදා දක්වා මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙනවා.

මේ හේතුවෙන් අදාළ කාලය තුළ තණමල්විල දෙසට ධාවනය කරන වාහනවලට ඇඹිලිපිටිය හරහා ගමන් කරන මාර්ගය භාවිත කරන ලෙසටයි මහවැලි අධීකාරිය දැනුම්දී ඇත්තේ.

Udawalawa Road Closed
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?