spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක්

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන දුම්රියක් රදැල්ල සහ ග්‍රේට්වෙස්ටර්න් දුම්රය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද පෙරවරු 10.30ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ 1008 දරණ දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව තිබෙනවා.

අද (05) පස්වරු 3.15ට පමණ එම දුම්රියේ මැදිරියක් සම්පුර්ණයෙන්ම පීලි පැන ඇති අතර ඉන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව සඳහන්.

පීලි පැනීමට ලක් වූ දුම්රිය මැදිරිය සෙසු මැදිරිවලින් ගලවා ඉවත් කර පීලි පැනීමට ලක් වූ දුම්රිය මැදිරියේ මගීන්ව සහ පීලි පැනීමට ලක් වූ දුම්රිය මැදිරියට පිටුපස දුම්රිය මැදිරිවල සිටි මගීන්ව ඉදිරිපස දුම්රිය මැදිරිවලට නංවා දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කරවීමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබෙනවා.

දුම්රියේ දෙවන පන්තියේ මැදිරියක් පීලි පැනීමට ලක්ව ඇති අතර එය පීලිගත කිරීමේ කටයුතු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?