උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක්

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන දුම්රියක් රදැල්ල සහ ග්‍රේට්වෙස්ටර්න් දුම්රය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද පෙරවරු 10.30ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ 1008 දරණ දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව තිබෙනවා.

අද (05) පස්වරු 3.15ට පමණ එම දුම්රියේ මැදිරියක් සම්පුර්ණයෙන්ම පීලි පැන ඇති අතර ඉන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව සඳහන්.

පීලි පැනීමට ලක් වූ දුම්රිය මැදිරිය සෙසු මැදිරිවලින් ගලවා ඉවත් කර පීලි පැනීමට ලක් වූ දුම්රිය මැදිරියේ මගීන්ව සහ පීලි පැනීමට ලක් වූ දුම්රිය මැදිරියට පිටුපස දුම්රිය මැදිරිවල සිටි මගීන්ව ඉදිරිපස දුම්රිය මැදිරිවලට නංවා දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කරවීමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබෙනවා.

දුම්රියේ දෙවන පන්තියේ මැදිරියක් පීලි පැනීමට ලක්ව ඇති අතර එය පීලිගත කිරීමේ කටයුතු ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16