spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධාවක්

පස් කන්දක් සමග ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා මතුවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ හපුතලේ සහ දියතලාව අතර ප්‍රදේශයේ මෙම පස් කඳු කඩා වැටීම සිදුවී ඇති බවයි.

දියතලාව කඳවුරේ යුද හමුදා නිලධාරීන් සහ දුම්රිය සේවකයන් එක්ව මාර්ගය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

කොළඹ සිට බදුල්ල බලා යාමට පැමිණි දුම්රිය මේ හේතුවෙන් හපුතලේ දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර බදුල්ල සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?