උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැන තිබෙනවා.

දියතලාව දුම්රිය ස්ථානයේ දී අදාළ දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති අතර, බදුල්ලේ සිට ධාවනය වන දුම්රිය බණ්ඩාරවෙල දක්වාත් සීමාකර තිබෙනවා.