උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සීඝ්‍රගාමි දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දුම්රිය අද (03) පස්වරුවේ මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.