උඩපන්දු ගිලිහී යාම මත තරගය තීරණය වූ බව, චමරි කියයි

කාන්තා ලෝක කුසලානයේ පළමු තරගය ලෙස සම සත්කාරකත්වය දරනු ලබන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ඊයේ (30) ඉන්දියාවේ ගුවහාටි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

ලෝක කුසලානයේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති සැමරුම් උත්සවයකින් අනතුරුව තරගය ආරම්භ වූ අතර කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම, පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි අතර ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ස්මිර්ති මන්ධානා දැවීගියේ ලකුණු පුවරුව 14ක් වී තිබිය දී යි.

කෙසේ වෙතත් ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 43ක් වනවිට තරගයට වර්ෂාව නිසා බාධා වූ අතර ඇති වූ ප්‍රමාදය නිසා තරගය පන්දුවාර 47කට සීමාවුණා.

ඉන් අනතුරුව පිටියේ එක් වූ ප්‍රතිකා රාවල් සහ හාර්ලීන් ඩියෝල් විසින් ලකුණු 67ක සම්බන්ධතාවයක් ගොඩ නැංවූ අතර එම සම්බන්දතාවය බිඳ දැමීමට ඉනෝකා රණවීර සමත් වුණේ ප්‍රතිකා රාවල්ව ලකුණු 37කට දවා ගනිමින්.

ඉන් නොනැවතුණු ඉනෝකා නැවතත් 25වන පන්දුවාරයේ ක්‍රියාත්මක වූ අතර එම පන්දුවාරයේදී ඉන්දීය නායිකාව ඇතුළු ප්‍රභල පිතිකාරිනියන් තිදෙනෙක් දවා ගනු ලැබුනේ එම පන්දුවාරයෙන් තරගය ශ්‍රී ලංකාව දෙසට විවෘතකර දෙමින්.

ඉනෝක රණවීරගේ ගේ එම විශිෂ්ඨ පන්දු යැවීමත් සමඟ ඉන්දීය ඉනිම තරමක් ආගාධයකට ඇඳ දැමුණු අතර 26වන වන පන්දුවාරයේ අවසන් පන්දුවෙන් තවත් කඩුල්ලක් බිද හෙලීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වූ අතර ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 124කට කඩුලු 06ක් ලෙස දිස්වුණා.

කෙසේ වෙතත් එලෙස බිඳ වැටි තිබූ ඔවුන්ගේ ඉනිම නැවතත් ගොඩ ගැනීමට දීප්ති ශර්මා සහ අමන්ජොත් කෞර් සමත් වූණේ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් ගිලිහි ගිය උඩපන්දු නිසාවෙන්.

124කට කඩුලු 06ක් ලෙස තිබූ ඉන්දීය ඉනිම පන්දුවාර 47 අවසන් වෙද්දී ලකුණු 269 කට කඩුලු 08ක් ලෙස ප්‍රභල තැනක පැවතියා.

කෙසේ වෙතත් ඩකවත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණය සඳහා පන්දුවාර 47 තුළ ලකුණු 271ක් අභියෝගය ලෙස හිමි වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සියල්ල ලකුණු 211 ක් තුළ දැවීගියේ පන්දුවාර 45ක් සහ පන්දු 04ක් තුළදී යි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 59ක ජයක් හිමි වුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනියන් වූ චමරි අතපත්තු ලකුණු 47ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 35ක් රැස් ගනු ලැබුවා.

අනතුරුව තරගය පිළිබදව අදහස් පළකරමින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පවසා සිටියේ තම පන්දුයැවීමේ සැලැස්ම නියමිත ආකාරයෙන් ක්‍රියාත්මක වුවද වටිනා උඩ පන්දු කිහිපයක් ගිලිහි යාම තරගයේ තීරණයට බලපෑම් එල්ල වූ බවත් මීලග තරග සඳහා ඔවුන්ගේ පිතිකරණ සැලැස්ම නැවත සකස් කරගත යුතු බවත් ඇය පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ මීළග තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟින් ලබන 04 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18