කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පෙම්වතා ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකරු අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දුන්නේ.
මෙම සැකකාර තරුණයා පසුගිය පළමුවනදා කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
මෙම පෙම් යුවළ පසුගිය මැයි මස 11 වනදා උඩ දියලුම ප්‍රදේශයට පැමිණ අනාරක්ෂිත ස්ථානයක කඳවුරු බැඳ සිටියදීයි වන අලි ප්‍රහාරයට ලක්ව තිබුණේ.
මෙහිදී ජීවිතක්ෂයට පත්වූයේ කැකනදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක්.
ඇයගේ පෙම්වතා වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා වන අලි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දිව ගොස් සැඟවී සිට ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මෙම සිද්ධියට අදාළව පොලිසිය විසින් අදාළ යුවළට මග පෙන්වූ තරුණයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ඔවුන්ට කූඩාරම් ගැසීමට උදව් උපකාර කළ පුද්ගලයා සහ මග පෙන්වූ පුද්ගලයායි.
ඔවුන් දෙදෙනා අද රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට ද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.














UTATH THUWALAYI KIYALA NEDHA KALIN KIYALA THIBUNE. UTH STRETCHER EKENE ARAN GIYE. U KIYUWA ALIYA UWA PEGUWA KIYALA. U SADHDHA NATHUWA KELLA ANGATA YATA KARAGENA ARAKSHA KALA KIYALA. YAKO ALIYEK PAGUWAMA AYE GANNA DEYAK ITHIRI WENAWADHA. ALIYA TENT EKA KADANAKOTAMA MU DUWALA GIHIN HANGILA. ALIYA MUWA HOYANNA ATI. ETHAKOTA KELLA PAGENNA ATHI. MONA NINDE HITIYATH ALIYATA PEGUNAMA ONA EKEK KE GAHANAWA NOWEYI KE GAHENAWA. NAMUTH KELLATA KE GAHUWADHA NEDDA KIYALAL DANNE MU WITHARAYI. MU KELLA YATA KARAN HTIYA KIYANNE MU KELLAWA YATA KARAGENA WADEYI KARA KARA INNAKOTA ALIYA ENNA ATHTHE. MU UDA HINDHA DALA DUWANNA ATHI KELLATA EYI SANEN NAGITINNA BERI WENNA ATHI. NAGITTATH ALIYA DAKKAMA DUWANNA BERI WENNA ATHI. EHEMA WENAWA NE. PAWU AHINSAKA KELLA.