ඊසි කෑෂ් සහ එම් කෑෂ්වලින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම්වලටත් වැටබදීයී

මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඊසි කෑෂ් සහ එම් කෑෂ් වැනි ක්‍රමවේදයන් යොදා ගන්නා බවට ලැබී ඇති තොරතුරු අනුව එම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට බුද්ධි නිලධාරීන්ගේ සහාය ඇතිව දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ඊයේ (31) සවස 04 සිට රාත්‍රී 08ට දක්වා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරුණා.

එහිදී ඊසි කෑෂ් සහ එම් කෑෂ් මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131 ක්, රිලෝඩ් සහ බිල්පත් ගෙවීම් ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074 ක් සහ හඳුනාගත් වානිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202 ක් ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකරනු ලැබුවා.

මෙම මෙහෙයුම්වල දී පුද්ගලයින් 316 දෙ⁣නෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් විසිදෙනෙකු සහ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් එකොළොස් දෙනෙකු සිටින බවට හඳුනාගෙන ඇති බවද පොලිස් මූලස්ථානය පැවසුවා.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙන්ම ඔවුන් විසින් නීති විරෝධීව උපයා ගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට කටයතු කරන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරත් සදහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10