ඊශ්‍රායල හමුදා ඉදිරියට යද්දී පලස්තීනුවන් දහස් ගණනක් ගාසා තීරයෙන් පලා යයි

ඊශ්‍රායල හමුදා ඉදිරියට යාමත් සමඟ පලස්තීනුවන් 150,000කට පමණ මධ්‍යම ගාසා තීරයේ සරණාගත කඳවුරු වෙත පලා යාමට බල කෙරෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

සාක්ෂිකරුවන් සහ හමාස් සන්නද්ධ අංශය වාර්තා කළේ ඊශ්‍රායල යුද ටැංකි බුරෙයිජ් කඳවුරේ නැඟෙනහිර තදාසන්න ප්‍රදේශයට ළඟා වී ඇති බවයි.

ඊශ්‍රායල හමුදාව මෑතකදී බුරෙයිජ් සහ ඒ ආසන්නයේ පිහිටි නුසෙයිරාත් සහ මාගාසි කඳවුරු ඉලක්ක කර ගනිමින් සිය ගොඩබිම් ප්‍රහාරය පුළුල් කරනු ලැබුවා.

බ්‍රහස්පතින්දා ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ගාසා තීරයේ විශාල පිරිසක් මිය ගිය බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

සටන් විරාමයකින් අවසන් වන සටන් නැවැත්වීම සඳහා අදියර තුනකින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඊජිප්තුව තහවුරු කර තිබෙනවා.

මෙම සැලැස්මට ප්‍රතිචාර දැක්වීම සඳහා හමාස් නියෝජිත පිරිසක් කයිරෝවට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය ඔක්තෝබර් මස 7 වනදා හමාස් සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රායලයට එල්ල කළ පෙර නොවූ විරූ දේශසීමා ප්‍රහාරයකින් යුද්ධය ආරම්භ වූ අතර එහිදී 1,200 දෙනෙකු මිය ගියා. එහිදී සිවිල් වැසියන් සහ තවත් 240ක් පමණ ප්‍රාණ ඇපයට ගනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගතවූ සති 11ක සටන් කාලය තුළ ගාසා තීරයේ ළමයින් සහ කාන්තාවන් ඇතුළුව 21,300කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

බුරෙයිජ් සහ නුසෙයිරාට් කඳවුරු ඇතුළත් මධ්‍යම ගාසා තීරය හරහා විහිදෙන බිම් තීරුවක ජනතාව ඉවත් කරන ලෙස ඊශ්‍රායල හමුදාව ඉල්ලා ඇති අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශවල පදිංචිකරුවන් 90,000කට ආසන්න සංඛ්‍යාවක් සහ අවතැන් වූ පුද්ගලයින් 61,000කට දකුණු දෙසට ඩීර් අල්-බාලා නගරයට යන ලෙසටයි දන්වා ඇත්තේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවූයේ ඩීර් අල්-බාලා දැනටමත් ජනාකීර්ණ වී ඇති නිසාත්, අවතැන් වූවන් ලක්ෂ ගණනාවක් එහි නවාතැන් ගෙන සිටින නිසාත් ඔවුන්ට යාමට තැනක් නොමැති බවයි.

ඊශ්‍රායල ගොඩබිම් හමුදා නව අසල්වැසි ප්‍රදේශවලට පැමිණ ඇති හෙයින්, රෆා දැනටමත් ගාසා තීරයේ වඩාත්ම ජනාකීර්ණ නගරය බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල හමුදා සහ බටහිර ඉවුරේ පදිංචිකරුවන් විසින් පලස්තීනුවන් 300ක් ඝාතනය කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහවුරු කර ඇති බව වාර්තාවක සඳහන්.

ඊශ්‍රායල අගමැතිගේ ප්‍රකාශිකාවක් එම වාර්තාව බෙහෙවින් හාස්‍යජනක යැයි ප්‍රතික්ෂේප කළ අතර එය ඊශ්‍රායල ජාතිකයින්ට ඇති ප්‍රධාන ආරක්ෂක තර්ජන හෑල්ලූවට ලක් කළ බව සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26