ඊශ්‍රායල හමුදාව ගාසාහි රෝහලක් වටලයි

ඊශ්‍රායල හමුදාව විසින් ගසාහි නසාර් රෝහල වටලා තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ රෝහල වැටලීමේදී ත්‍රස්තවාදී සැකකරුවන් රැසක් අල්ලා ගත් බවයි .

අල්ලා ගත් අය අතර ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායලය තුළ හමාස් ප්‍රහාරයට සහභාගි වූ අයෙක්, ගාසා තීරයට ප්‍රාණ ඇපකරුවෙකු රැගෙන ගිය හමාස් හි ගිලන් රථ රියදුරෙකු සහ සන්නද්ධ සාමාජිකයෙකු සිටින බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.