ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් ඇමරිකාවේ දී පලස්තීන දරුවෙක් බිල්ලට ගනී

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුද්ධය හේතුවෙන් හය හැවිරිදි පිරිමි දරුවෙක්ව පුද්ගලයෙකු විසින් අමානුෂිකව ඝාතනය කළ පුවතක් ඇමරිකාවේ චිකාගෝවෙන් වාර්තා වනවා.

පලස්තීන-ඇමරිකානු පිරිමි දරුවකු වන වඩේ අල්- ෆායුම් සහ ඔහුගේ මව හනාන් ෂාහින්ට මෙලෙස පිහියකින් ඇන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

71 හැවිරිදි ජෝසෆ් ක්සුබා නැමැති පුද්ගලයෙක් මෙම අපරාධය සිදුකර ඇති අතර, ඔහුව එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

චිකාගෝහි විල් කවුන්ටි ෂෙරිෆ් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පසුගිය සෙනසුරාදා උදෑසන මෙම මව සහ පුත්‍රයා පිහි ප්‍රහාරයට ලක්ව චිකාගෝ සිට නිරිත දෙසින් සැතපුම් 40 ක් පමණ දුරින් පිහිටි නිවසක සිටියදී සොයා ගත් බවයි.

අනතුරුව ඔවුන් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, පසුව දරුවා මිය ගිය බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සැකකාර මහල්ලා විසින් දරුවාගේ ශරීරයට 26 වතාවක් පිහියෙන් ඇන ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

මවගේ සිරුරේ ද පිහි ඇනුම් තුවාල දුසිමකට වඩා තිබී ඇති අතර, ඇය ද රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර දිවි ගලවාගනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙම ප්‍රහාරය සඳහා භාවිත කරන ලද පිහිය අඟල් 12ක මිලිටරි මාදිලියේ පිහියක් වන බවයි ෂෙරිෆ්ගේ කාර්යාලය පැවසුවේ.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට ගොදුරු වූවන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන් වීම සහ හමාස් සහ ඊශ්‍රායලයන් සම්බන්ධ ගැටුම හේතුවෙන් සැකකරු විසින් ඉලක්ක කර ඇති බවට අනාවරණය කර ගැනීමට රහස් පරීක්ෂකයින්ට හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
3
+1
1
+1
14
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41