ඊශ්‍රායල ප්‍රහාර හමුවේ බොරතෙල් මිලත් ඉහළට – න්‍යෂ්ටික විද්‍යාඥයින් හයකුත් මරුට

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ දී ඉරානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවක් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළ ගොස් ඇති බවයි.

එය පසුගිය මාස 5 තුළ වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අමෙරිකානු ඩොලර් 75.65ක අගයක් ගෙන තිබෙනවා.

පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක්.

මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමට ද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් 6 දෙනෙකු මිය ගිය බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ජනතාව ඝෝෂාකාරී පිපිරීම් හඬකින් අවදි වූයේ ‘ඔපරේෂන් රයිසින් ලයන්’ යටතේ ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරන විටදීයි.

මෙම ප්‍රහාරය සිදුවන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඇති වන ආතතීන් මධ්‍යයේ ය.

ප්‍රහාරවලින් පසුව, ඊශ්‍රායලය ඉරානයෙන් පළිගැනීමක් අපේක්ෂා කරන අතර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14