ඊශ්‍රායල, ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ බුද්ධි ප්‍රධානියා ඝාතනය කෙරේ

ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශයේ ප්‍රධානී මොහොමඩ් කසෙමි මිය ගොස් ඇති බව ඉරානය තහවුරු කර තිබෙනවා.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය පවසන්නේ ඉරිදා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කසෙමි ඔහුගේ නියෝජ්‍ය හසන් මොහාක්ක් සහ අණදෙන නිලධාරී මොහ්සන් බකෙරි සමඟ මිය ගොස් ඇති බවයි.

මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට තවත් මිසයිල ප්‍රහාර මාලාවක් එරට වේලාවෙන් අද (16) අලුයම් කාලයේ දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට දියත් කරන ලද මිසයිල හඳුනාගත් බවත්, තර්ජනය වළක්වා ගැනීම සඳහා ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළ බවයි.

මේ අතර නැවත දැනුම්දෙන තුරු ආරක්ෂිත ස්ථානවලට වී රැඳී සිටින ලෙස ඊශ්‍රායල හමුදාව මහජනතාවට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම විශාල රැස්වීම්වලින් වළකින ලෙසත් ඊශ්‍රායලයේ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32